Monday, September 23, 2024

යුගදනවි ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා දැඩි උද්ඝෝෂණ

කෙරවලපිටිය ‘යුගදනවි’ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා අද (29දා) පෙරවරු 11.30 සිට දහවල් 12.00 දක්වා දිවයිනේ ප්‍රදේශ 19ක උද්ඝෝෂණ විරෝධතා දක්වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

එමෙන්ම නොවැම්බර් මස 3 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සහ දිවයින පුරා විදුලි සේවකයන්ගේ සහභාගිත්වයෙන් දහවල් 12.00ට විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බවද රංජන් ජයලාල් මහතා පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනය සිදුකරන දිනය නොවැම්බර් 3 වැනිදා තීරණය කෙරෙන බවත් ,විදුලි ඉන්ජිනේරු සංගමය ඇතුළු සියලුම වෘත්තීය සමිති වැඩවර්ජනය සඳහා සහාය දක්වන බවද රංජන් ජයලාල් මහතා සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles