Sunday, September 22, 2024

චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කරයි

මහජන බැංකුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇත.

මෑතකදී මහජන බැංකු විසින් ණය පැහැර හැරීමේ ලිපියක් නිකුත් කර ඇති බවත් එමගින් ජාත්‍යන්තර වෙළදාමේ දී චීන සමාගම් වලට විශාල පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ සදහන් වෙයි.

ශ්‍රී ලංකාව සමඟ වෙළඳාමේ දී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙස ද අවදානම් වෙළදාම් වලින් ඉවත් වන ලෙසත් අරමුදල් සපයන සියලුම ව්‍යවසායකයන්ගේ ඉල්ලා ඇත.

http://lk.mofcom.gov.cn/article/chinanews/202110/20211003211952.shtml

නිවේදනය – සිංහල

“මෑතකදී, ශ්‍රී ලංකා මහජන බැංකුව ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේ දී චීන ව්‍යවසායන්ට විශාල පාඩුවක් ඇති කරමින් L/C පැහැර හැරීමේ විෂම සිදුවීමක් සිදුව තිබේ. මෙම බැංකුව දැන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇත.

අවදානම් පාලනය ශක්තිමත් කරන ලෙසත්, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද L/C පිළිගැනීමෙන් වළකින ලෙසත් කාර්යාලය සියලුම චීන ව්‍යවසායන් වෙත වගකීමෙන් සිහිපත් කරයි.”

නිවේදනය – ඉංග්‍රීසි

•• L/C Significant Risk Reminder Update: People’s Bank of Sri Lanka Has Been Blacklisted

Recently, People’s Bank of Sri Lanka has witnessed vicious event of L/C default, causing huge losses to Chinese enterprises in international trade with Sri Lanka. This bank now has been blacklisted by the Economic and Commercial Office of Chinese Embassy in Sri Lanka.

The Office solemnly reminds all Chinese enterprises to strengthen risk control and avoid accepting L/C issued by People’s Bank of Sri Lanka in international trade with Sri Lanka.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles