Sunday, September 22, 2024

ලාබෙට සීනි සහ නාඩු සහල් අද සිට සතොසෙන්

ලංකා සතොස ඉදිරියේදී සීනි කිලෝවක් රුපියල් 122 බැගින් ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් වරායේ සිරවූ තිබූ සීනි කන්ටේනර් 80 කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් නිදහස්කරගෙන ඇති බවත් ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය.

එම සභාපතිවරයා සඳහන් කළේ, ලැබුණු නාඩු කන්ටේනර් 09ක් මේ වනවිට රේගු නිශ්කාශන කටයුතුවලින් පසු තම ආයතනයට ලැබී ඇති බවය.

මෙරට පාරිභෝගිකයින්ට මෙමගින් සාධාරණ මිලකට සහල් අලෙවි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් වන බව ඔහු සදහන් කළේය.

කොළඹ වරායේ තිබූ සීනි කනර්ටේනර් 81ක් ද ලංකා සතොස ආයතනය වෙත මේ වනවිට නිදහස් කර ඇත.

මෙම සීනි තොගද රජයේ පාලන මිල යටතේ සතොස ශාඛා හරහා ජනතාවට ලබාදෙන බව ඔහු සදහන් කළේය.මීට පෙර බන්දුල ගුණවර්ධන මහතාද මේ බව මාධ්‍ය හමුවේ කියා සිටියේය.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 බැගින් සතොස වෙළෙදසල්වලින් අළෙවි කරන බව වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරියෙක්  පැවසීය.

වරායෙන් නිදහස්කරගත් සීනිවල මිල පිළිබඳව මේ වන විට කටයුතු කරමින් සිටින බව කී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා මිල තීරණය කළ වාහාම සියලුම සතොස ශාඛාවලට සීනි තොග නිකුත් කරන බව ද සඳහන් කළේය.

සති කීපයකට සිට සතොස තුළ සීනි නොමැති අතර සීනිවලට රජය රුපියල් 122 ක පාලන මිලක් පනවා තිබුණ ද මේ වන විට රුපියල් 145 ත් 160 ත් අතර මිලකට අළෙවි කිරීම නිසා ජනතාව අපහසුතාවට පත්ව සිටිති.

මෙහිදී පුද්ගලයකුට වරකට සහල් කිලෝ තුන බැගින් නිකුත් කරන බව කී එම නිලධාරියා සහල් තොග රැස්කර වැඩි මිලට විකිණීම වැළැක්වීමේ පියවරක් ලෙස එසේ සීමාකර නිකුත් කරන බව ද සඳහන් කළේය.

මෙම සහල් තොගයෙන් සමූපකාර හරහා ද ජනතාවට සහල් සැපයීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles