Saturday, September 21, 2024

ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් අතරට ශ්‍රී ලාංකිකයෝ 24ක් – රාජ්‍ය ඇමති චන්න ජයසුමනත් ඒ අතර

ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් පිරිස අතරට ශ්‍රී ලාංකිකයෝ 24ක් ඇතුළත් වෙති. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 24 දෙනකු මෙසේ ඇතුළත්ව සිටිති.

අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශන ආයතනය ලොව පුරා විද්‍යාඥයන්ගේ පර්යේෂණ, ප්‍රකාශන ආදියෙහි ප්‍රගතිය සහ තවත් සාධක රැසක් සැලකිල්ලට ගනිමින් මෙම ඉහළම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් 24 දෙනා අතුරින් ඉහළින්ම සිටිනුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ 6 ක්, කැලණිය විශ්ව විද්‍යාලයේ 5 ක් , කොළඹ විශ්ව විද්‍යාලයේ 4 ක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් 3 ක්, රජරට විශ්වවිද්‍යායේ 2 ක්, යාපනය හා වයඹ විශ්වවිද්‍යාලවලින් එක් අයෙක් බැගින් රාජ්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරමින් විද්‍යාඥයෝ 22 ක් ද, අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය නියෝජනය කරන විද්‍යාඥයෝ 2 ක් ද මේ අතරට එක්ව සිටිති. රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ පසු වේ. නිමල් සේනානායක, ජනක ද සිල්වා, සෑම් කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නිලීකා මලවිගේ, සුනෙත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුණාවීර, කාමිණී මෙන්ඩිස් යන වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරු මෙම 24 දෙනාට අයත් වීම විශේෂත්වයකි.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥවරියක ලෙස තෝරා ගෙන තිබේ.

කොරෝනා සම්බන්ධ පර්යේෂණ සිදු කරන විශේෂඥයන් 10 දෙනකුගෙන් මෙම කණ්ඩායම සමන්විත අතර එම පත්කිරීම වසර 2 ක් සඳහා වලංගු වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles