රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂ සභාපති තනතුරෙන් ඉවත් කිරීම වළක්වා වාරණයක්

0
497

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ රාජා කොල්ලූරේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා.

දිසා විනිසුරු අරුණ අලූත්ගේ මහතා විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුර සඳහා වෙනත් පුද්ගලයෙකු නම් කිරීම වළක්වාලීමද මෙම වාරණ නියෝගයට ඇතුළත්ය.

රාජා කොල්ලුරේ මහතා ගොණු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ප්‍රධාන ලේකම් දොස්තර ජී වීරසිංහ / උප සභාපති වීරසුමන වීරසිංහ / හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර හා තවත් පිරිසකුයි නම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ පසුගිය 24 වනදායි.

ඒ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් රාජා කොල්ලුරේ මහතා ගුරු විදුහල්පති වැටුප් අරගලයට එරෙහිව කර තිබූ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here