පරිසර යුක්ති කේන්ද්‍රය යොමු කල කාබනික පොහොර ආනයනයට එරෙහි පෙත්සම සලකා බැලීමට දිනයක්

0
372

කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකාබැලීම නොවැම්බර් 11 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණ ය අද (29) නියම කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවා තිබුණි.

එහිදී නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ කාබනික පොහොර විදේශවල සිට ගෙන්වීමක් නොකරන බවය.

මෙරටට ආනයනය කළ කාබනික පොහොර අඩංගු නෞකාවක් රට තුළට ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුනි.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවීමට නියම කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here