Saturday, September 21, 2024

මුදල් ඇමතිවරයා මේ යෝජනාව ගෙනාවේ තක්කඩිකමින් – විමල් වීරවංශ

LNG විදුලිබලාගාර ගිවිසුම අනුව එය ඇමරිකානු සමාගමට පවරාදීමට විරුද්ධව තමන් ඇතුලු පිරිස ආණ්ඩුවේ මෙන්ම ආණ්ඩුවෙන් එපිට සිටියත් කැපවී ක්‍රියාකරන බව අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.

අද (29) පැවති LNG ගිවිසුමට එරෙහි මහජන මන්ත්‍රණ සභාව අමතමින් විමල් වීරවංශ විසින් මේ බව පැවසීය.

“අපි කිහිප දෙනෙක් එකතුවෙලා ඒ මොකක්ද එදා ගෙනාවේ කියලා හිත හිත ඉන්නකොට මෙන්න කැබිනට් තීරණයක් තියනවා අහවල් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා දීර්ඝ ලෙස කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කල අතර දීර්ඝ සාකච්ඡාවකින් පසුව මේ මේ තීරණවලට එකඟ විය. මම බැලුවා මේක හීනයක්ද කියලා.  දැන් මෙන්න මෙහෙමයි මේක අනුමත වුනේ. කිසිම සාකච්ඡාවක් වුනේ නෑ බොරු කියන්න එපා, හොරට ගෙනාවේ තක්කඩිකමින් ගෙනාවේ “

අමාත්‍යවරයා එහිදි කරන ලද සම්පූර්ණ කතාව පහතින් දැක්වෙයි,

“පහුගිය කාලේ තමුන්නාන්සේලා දන්නවා ගොඩක් වෙලාවට අමාත්‍ය මණ්ඩලයට රැස්වෙන්න සිද්ධ වුනේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඒ රැස්වෙන කොට අර සජීවීව රැස්වෙනවා වගේ නෙමෙයි. සජීවි යන අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවත් දෙන අවස්ථාත් තියනවා. එහෙම දුන්නාම අපි ඒ වෙලාවේ බලලා බලන්න තව කාලයක් ඕනේ නම් අපි කාලයක් ඉල්ලනවා. අද මේක ගන්න එපා කියනවා, සමහර විට අපි කියන එක ඇහුවොත් එක කල් යනවා අපි කියුව එක ඇහුවේ නැත්නම් එදාම සාකච්ඡාවට ගන්නවා අරන් සමහර ඒවා තියනවා අදම අනුමත වූවා සේ කටයුතු කරනවා. ඒ කියන්නේ ඊලඟ දවසේ වත් සාකච්ඡා කරන්නේ නෑ.

කැබිනට් මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රමේ තමයි ප්‍රමාණවත් කාලයක් සහිත කැබිනට් මණ්ඩලේ සාමාජිකයන්ට කැබිනට් පත්‍රිකා ලැබෙන්න ඕනේ ඔවුන් ඒවා අධ්‍යනය කරලා ඇමති මණ්ඩලයට සහභාගී වෙන්න ඕනේ, තම තමන් ඒ පිලිබඳ තම මතය ඉදිරිපත් කරන්න ඕනේ, ඒ මත අහලා අවසන් තීරණයක් ගන්නවා. ඒ තීරණය අමාත්‍ය මණ්ඩල තීරණය ඒකට අපි හැමෝම වගකියනවා.

දැන් මේ අපි විවාදයට භාජනය කරන නිව් පෝට්‍රස් කියන ගෑස් සදාකාලිකවම ගෑස් සැපයීමේ ඒකාධිකාරය බොරුවට අවුරුදු 05ක් කියන්න එපා අනාතයේ නොපෙනන ඉමක් දක්වා මේ රටේ ගෑස් සැපයීම භාර දෙන්නේ ඔය නිව් පෝට්‍රස් කියන ඇමරිකානු සමාගමට. ඒ ඇමරිකානු සමාගමට සදාකාලිකවම ගෑස් සැපයීම දෙන මේ කැබිනට් පත්‍රිකාව ආවේ කොහොමද දන්නවාද? දැන් අපි ඉන්නවා ඔන්ලයින් එකේ දැන් අපි දන්න සියළු කැබිනට් පත්‍රිකා අනුපිලිවෙලින් කතා කරලා ඉවර වෙනවා දැන් එනවා වෙනත් කරුණු කියලා එකක් ඒකෙදි මුදල් ඇමතිතුමා අහනවා කැබිනට් ලේකම්ගෙන් ලේකම්තුමා මමත් මේ එකක් අද ගෙනාවා ඒක නැද්ද කියලා. කැබිනට් ලේකම්තුමා කියනවා ඒක ඇමතිතුමා ආවේ මම මෙතන වාඩිවුනාටත් පස්සේ ඒක මට කියවගන්නත් බැරිවුනා කියලා ඔබතුමාම පැහැදිලි කරන්න කියලා.  සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් ලේකම්තුමා තමා කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරන්නේ. මම කැබිනට් මණ්ඩලයේ මහා දිග කාලයක් නොහිටියත් මෙහෙම අවස්ථාවක් මීට කලින් උදාවෙලා නෑ.

ඊලඟට ඔන්ලයින් ඉන්න හින්දා සමහරවිට මේකේ එක එක හුටපට වෙනවා දැන් ඔහොම ඉද්දි ඒක ඒ විදියට ඉවර වුණා. ඊට පස්සේ දවසක මායි උදය ගම්මන්පිලයි අපි කිහිප දෙනෙක් එකතුවෙලා ඒ මොකක්ද එදා ගෙනාවේ කියලා හිත හිත ඉන්නකොට මෙන්න කැබිනට් තීරණයක් තියනවා අහවල් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා දීර්ඝ ලෙස කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කල අතර දීර්ඝ සාකච්ඡාවකින් පසුව මේ මේ තීරණවලට එකඟ විය. මම බැලුවා මොකක්ද මේ ඔලුවට අයිස් කැටයකින් ගහනවා වගේ මේක හීනයක්ද කියලා.  දැන් මෙන්න මෙහෙමයි මේක අනුමත වුනේ. කිසිම සාකච්ඡාවක් වුනේ නෑ බොරු කියන්න එපා, හොරට ගෙනාවේ තක්කඩිකමින් ගෙනාවේ ඒ වගේ ක්‍රම පිලිඅරගෙන මේ ඇමති මණ්ඩලේ වෙනුවෙන් ඕවා ඔක්කොම පිලිඅරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට බැඳගෙන වතුකට වෙලා ඉන්න අපිට බෑ.  අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි.

මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනවරම දුන්නේ, විශ්වාස කලේ, ඒ බලය වෙන අයට කොල්ලකන්න නෙමෙයි, ඒ ජනවරමේ තියන සුජාතභාවය නැති කරන්න නෙමෙයි, ඒ ජනවරමේ තියන ගෞරවණීයභාවය කෙලසන්න නෙමෙයි. දැන් විදුලි බල මණ්ඩලයෙන් දාපු ටෙන්ඩරය මොකක්ද ? ඩලස් ඇමතිතුමාට විදුලි බල අමාත්‍යාංශයත් නැතිවෙන්න මේක හේතුවුනාද මම දන්නේ නෑ එහෙමත් හිතෙනවා. දැන් බලන්න විදුලි බල මණ්ඩලයේ ටෙන්ඩරය ඒකේ ඒගොල්ලෝ දෙනවා ගබඩා නැව ඒක එක ටෙන්ඩරයක් නළ පද්ධතිය එලීම තව ටෙන්ඩරයක් ගෑස් සැපයීම තියන්නේ විදුලිබල මණ්ඩලය යටතේ. ගෑස් සැපයිම දැන් ඔය ගල්අඟුරු ගන්නවා වගේ කලින් කලට ටෙන්ඩර් කරලා විදිමත් ක්‍රියාපටිපාටිය යටතේ LNG ගන්නවා. එතකොට අරහෙට වඩා මෙහෙ ගාන අඩුනම් මෙහෙන් ගන්නවා. දැන් ගාණ තීරණය කරලා ඉවරයි අපි පාවිච්චි කලත් නොකලත් නියමිත LNG ප්‍රමාණය අපි මිලදී ගන්න ඕනේ.

ඒ විතරක් නෙමෙයි. මෙතැන කියවුනා ශ්‍රී ලංකාව කියන්නේ උපායමාර්ගිකය ඉතාම වැදගත් තැනක පිහිටපු රටක්.  අද ඇමරිකන්, ඉන්දියන් මේ පැසිෆික් කලාපයේ වෙනම මෙහෙයුම් සිද්ධකරමින් ඉන්න මොහෙතක්. ඇමරිකාව සෝෆා ගහගෙන තව තව ගිවිසුම් හරහා මේ රට ගිලා ගන්න වෙරදරපු ඇමරිකාවක්. ඒ ඇමරිකාණු සමාගමට මේ රටේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය ගියාම කාටවත් ඒකට අනාගතයේ අතතියන්න බැරිවෙනවා. ලංකවේ දේශපාලණය තීරණය කරන කේවල් කිරීමේ බලය මේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය බවට පත්කරගන්නවා. මේක අනාගය පාවාදීමක්, අනාගතය බිල්ලට දීමක් අපි මේ රටේ මේ ඇමතිකම් තිබුනත් නැතත් මේ රටේ ජීවත් වෙලා මේ රටේ මැරිලා යන්න ඉන්න මිනිස්සු. ඒ නිසා අවුරුදු පහකට බලයක් අරන් මුලු මහත් ගෑස් සැපයීමේ ඒකාධිකාරය මේ රටට හතුරු රටකට හොරපාරින් දෙනඑකට අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නෑ.

තව ගිවිසුම් දෙකක් අත්සන් කරන්න තියනවා ඒ ගිවිසුම් දෙක ඒ තමයි නළ මාර්ගය හදලා ඒ වායු ගබඩාව ඒකේ සැපයුම පිලිබඳව මේ ඔක්කොම තීරණය වන ගිවිසුම් දෙකක් එනවා අපි හැමෝම ලෑස්ති වෙන්න ඕනේ ඇමති මණ්ඩලය තුල ප්‍රමාණවත් සාකච්ඡාවක් වුනේ නැති හින්දා අපිට අයිතියක් තියනවා මේ ගැන කතා කරන්න.

අපිට ඕනේ නෑ මේ ආණ්ඩුව කඩලා දාන්න, අපිට ඕනේ නෑ එලියේ ඉන්න විරුද්ධ පක්ෂේ දේශපාලන නන්නත්තාර වෙච්ච අයට ජීවය දෙන්න අපිට ඕනේ ජනවරමට අනකූලව මේ ආණ්ඩුව රැගෙන යන්න. ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්තට පහර දෙන්න. ඒ වගකීම අපි අතහරින්නේ නෑ. කවුරු හරි හිතනවානම් අපි මේකේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා කියලා නෑ මහත්වරුණි ඒක එහෙම නෙමෙයි හරි දේ වෙනුවේන් රටට යහපත් දේ වෙනුවෙන් අපි අපේ හඬ නැගීම නතර නොකර ඉදිරියට ගෙන යනවා ඒ වෙනුවෙන් එන්න තියන ඕනම තර්ජනයකට ඒ වෙනුවෙන් කරන්න තියන කැප කිරීමකට ලෑස්තිපිට තමයි අපි මේ මහජන මන්ත්‍රණ සභාව අපි ආරම්භ කලේ. ඒ නිසා එක ගිවිසුමයි අත්සන් කරලා ඉවර තව ගිවිසුම් දෙකක් තියනවා ඒ ගිවිසුම් දෙක අත්සන් කරන්න නොදිය යුතුයි. ඇමරිකානු සමාගමට ගෑස් සැපයීමේ ඒකාධිකාරය සදාකල් ලබා දීමට එකඟ නොවිය යුතුයි. එය නරත කිරීම සඳහා අපි ආණ්ඩුව ඇතුලේ ඉඳන් හෝ ආණ්ඩුව එලියට වැටුනත් අපි ඒ කැපකිරීම උපරිම කරනවා ඒ වගේම අපි සියළු රට වැසියන්ගෙන් ඉල්ලනවා ඔබේ යුතුකම ඉටුකරන්න.

අපි මේ වෙලාවේ විරුද්ධ පක්ෂේ හිටියානම් දැන් මේ ආණ්ඩුවක් නම් මේක කරන්නනේ දැන් ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න අයත් කෑගහනවානේ මේකට විරුද්ධව එතකොට අපේ ආණ්ඩුවක් තියනකොට අපි ඉන්න ඕනේ මේකට සද්ධ නැතිවද? වෙන කවුරුහරි ආණ්ඩුවක් වැරැද්දක් කරන කොට විතරද අපි මේකට කෑගහන්න ඕනේ. වැරැද්ද කවුරුකරත් වැරැද්ද. එයාලා කරනවාට වඩා බරපතලයි ඒක අපි කරන එක. ඇයි ඒ අපි ගැන අහිංසක මිනිස්සු තිබ්බා නිර්මල විශ්වාසයක්. ඔහොම ඒවා වෙයි කියලා හීනෙකින් වත් හිතුවේ නැති විශ්වාසයක් මේ රටේ වෘත්තිකයින්, බුද්ධිමතුන්, ගමේ අහිංසක මිනිසා මේ හැමෝම ඡන්ද පොලට ඇවිල්ලා ගෝඨාභය මහත්තයාට ඡන්දය දුන්නේ අත්භූත කැබිනට් පත්‍රිකා අනුතම කිරීමේ ක්‍රමයකින් මේවගේ තීරණාත්මක දේවල් සිද්ධ වෙන්න නෙමෙයි.

ඒ නිසා අපි එතුමාට ඉතා ගෞරවයෙන් කියනවා කරුණාකරලා මේ අපරාධය වෙන් ඉඩ දෙන්න එපා. මේ රටට හතුරු ව්‍යාපෘතිය නතරකරලා විදුලි බල මණ්ඩලය දාලා තියන ටෙන්ඩරය අනුව ඒ නීත්‍යාණූකූල ක්‍රියාපටිපාටිය අනුව ගෑස් සැපයීමේ බලය විදුලිබල මණ්ඩලය සතුව තියාගෙන කරන අන්න ඒ ක්‍රියාවලියට ඉඩ දෙන්න. ඒ වගේම අපි සියයට දාහක් එකඟයි පුනර්ජනනීය බලශක්තියට ඒක ව්‍යාප්ත කරන්න අපි සියළු දෙනාම ලෑස්තියි.  ඒ නිසා මේ මහා පාවාදීම පරාජයට පත්කිරීමට අපි සියලු දෙනාම කැපවෙමුයි මම ඉල්ලා සිටිනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles