හෙට ඉරිදා ශෝක දිනයක් !

0
350

අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් හා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඉරිදා පස්වරු 2ට නිදහස් චතුරශ්‍රයේ දී  පැවැත්වීමට නියමිතයි.

එබැවින් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමටයි රජය තීරණය කර ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති  මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමට යුතු වනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල පිහිටා ඇති බලපත්‍ර ලත් සියලු සුරාසැල් ඉරිදා දිනයේ වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here