Friday, September 20, 2024

මෙම වසර ඇතුළත සැමට විදුලිය ලබාදි අවසන් කිරිමට පියවර

පුනර්ජනනීය බලශක්තිය හරහා මිනිපේ මැද කැලේ, උඩගල දෙබොක්ක හා ගල මුදුන ගම්මානයට විදුලිය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැද කැලේ, උඩගල දෙබොක්ක හා ගලමුදුන ගම්මාන සූර්ය බල සුලං, ජල විදුලි ජනන සංවර්ධන ව්‍යාපෘති පසුගියදා රාජ්‍ය අමාත්‍යයවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම වසර ඇතුලත විදුලිය නොමැති සියලුදෙනා වෙත විදුලිය ලබා දී අවසන් කරන බවත් මේ වන විට සමෘද්ධිලාභීන් සඳහා හා අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ විදුලි සම්බන්ධතාව ලබාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මිනිපේ මැදකැලේ, උඩගල් දෙබොක්ක, ගලමුදුන යන ගම්මාන තුනේ පවුල් 88ක් පමණ ජීවත් වන අතර පුනර්ජනනීය බලශක්තිය මගින් මෙම ප්‍රදේශ තුනට විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් මිලියන 56.5 ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles