Friday, September 20, 2024

“මූඩීස්’’ අසමත් යැයි කබ්රාල් කියයි

ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්ත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නැවත වරක් අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටී.

ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය නිකුත් කළ වාර්තා පිළිබද හෙළා දකිමින් මහ බැංකු අධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව කියා සිටී.

මූඩීස් ආයතනය , ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්ත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට නැවත වරක් අසමත් වී ඇති බවත් , විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගත් තීරණාත්මක උත්සාහයන් අතාර්කිකව නොසලකා හැර ඇතැයි ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දේ.

මුඩීස් ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ වැරදි වේලාවක බවත් , ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කනගාටු වන බව ද මහ බැංකු අධිපතිවරයා සිය ට්විට්ර් සටහනේ සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles