Friday, September 20, 2024

ගොවීන් දසදහස් ගණනින් පාර්ලිමේන්තුව වටකරන දවස අත ළඟයි

රට පුරා ඉන්න ගොවි ජනතාව අගනුවරට රැස්වී පාර්ලිමේන්තුව වට කරන දවස වැඩි ඈතක නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවට තුනෙන් දෙකකට වඩා අසීමිත බලයක් ලබා දීමෙහි ආදීනව විඳින්නට සිදුව ඇත්තේ ජනතාවට බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව එකී බලයෙන් උද්ධාමයට පත්ව මහපොළොවෙි ප්‍රශ්න අමතක කොට ඇතැයිද පැවසීය.
කිසිම ආණ්ඩුවකට අසීමිත බලයක් ලබා නොදිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා වැඩ කරන්නට හැකි බහුතර බලයක් පමණක් ලබාදීම ප්‍රමාණවත් බව ද පැවසීය.

විපක්ෂ නායක තුමා මේ බව පැවසුවේ ඊයේ (28) බකමූණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 41ක නියෝජිතයින් එකතුව පවත්වනු ලබන අඛණ්ඩ උපවාසය අවස්ථාවට එක්වෙමිනි. තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ නිසි කලට ප්‍රමිතියෙන් යුක්ත පොහොර ටික තමන්ට ලබා දෙන ලෙස බව එම ගොවි සංවිධාන නියෝජිතයින් විපක්ෂ නායකතුමා සමඟ පැවසීය.

වර්තමාන ආණ්ඩුව හැරුණුකොට මින් පෙර පැවති සෑම රජයක්ම අඩු වැඩි වශයෙන් ගොවියාට අවශ්‍ය පොහොර සහ ඊට අදාළ යෙදවුම් ලබාදීමට කටයුතු කළ නමුත් වර්තමාන ආණ්ඩුව සහමුළින්ම ගොවි ජනතාව අමතක කොට දමා ඇතැයිද විපක්ෂ නායකතුමා එහිදී පැවසීය. ගොවි ජනතාව සහ කෘෂිකර්මය සම්බන්ධ තීන්දු ලබාගත යුත්තේ හිතු මනාපයට තනිව නොව ඒ පිළිබඳව දන්නා පිරිස් සමග සාමූහික සාකච්ඡාවකින් බව පැවසූ විපක්ෂ නායකතුමා, වර්තමාන ආණ්ඩුව එසේ නොකිරීමෙහි ප්‍රතිඵලය අද ගොවි ජනතාවටත් මුළු රටටත් අත්විඳින්නට සිදුව ඇති බවද පැවසීය.

මෙම අවස්ථාවට, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් නෙල්සන්, හිටපු මන්ත්‍රී සිඩ්නි ජයරත්න ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද ,ප්‍රදේශයේ ගොවි ජනතාව ද එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles