එන්නත ලබානොගන්නා පිරිස්වලට නීතිය ක්‍රියාත්මක වෙයි ?

0
300

රජය මගින් ගෙනයන කෝවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනට දායකත්වය ලබානොදෙන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සැකසීමට අද (29දා) පෙරවරුවේ වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ රැස් වූ කෝවිඩ් මර්දන කමිටුව තීරණය ගෙන ඇත.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොදු ස්ථාන ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට ඇති හැකියාව පිළිබඳවද එම සාකච්ඡාවේදී කරුණු සොයාබලා බැලූ බවයි.

එම නිවේදනයට අනුව,

පොදු ස්ථාන, වෙළඳසැල්, ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීමට තීරණය කර ඇත.

එන්නත ලබානොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දී ඇති අතර, ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඔවුන් ඉල්ලා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here