Thursday, September 19, 2024

අපි පතුරු ගහපු චන්ද්‍රිකා යුගයේවත් රනිල් යුගයේවත් මෙහෙම ‍දෙයක් වුනේ නෑ – ගම්මන්පිල

ඇමරිකාව සමග අත්සත් කරපු ගිවිසුමේ බරපතල ප්‍රශ්න හතරක් තිබෙන බවත් එය වහා නිවැරදි කල යුතු බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

ඊයේ (29) පැවති මහජන මන්ත්‍රණ සභාව අමතමින් ඔහු මේ බව පැවසීය.

“අපි මේ ගිවිසුමේ දකින බරපතල ප්‍රශ්න හතරක් තියෙනවා පලවෙනි දේ තමයි මෙකේ බරපතල යහපාලනේ අවපාලනය වීම පිලිබඳ ප්‍රශ්නයක් තියනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙන්ඩරයකට සහභාගී නොවුණු සමාගමකටයි ටෙන්ඩරය ලබා දෙන්නේ. අපි පට්ට පතුරු ගහපු දූශිතයි කියලා හංවඩු ගහපු ජේ.ආර් යුගගයේ,චන්ද්‍රිකා යුගයේ, රනිල් යුගයේ මෙහෙම දෙයක් වුනේ නෑ කියන එක කණගාටුවෙන් උනත් කියන්න ඕනේ.

දෙවැනි ප්‍රශ්නේ විදිහට අපි දකින්නේ බල ශක්ති සුරක්ෂිතතාව සහ ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය දැන් මේ විදුලි බලාගාර මෙතැන ඉදිවෙනවා. අනාගත විදුලි අවශ්‍යතාව අනිවාර්යයෙන්ම තුනෙන් දෙකකට වඩා වැඩියි. ඒ කියන්නේ මේ ගෑස් ප්‍රශ්නේ තියන මොහොතක අද චීනයේ ප්‍රාන්ත විස්සක් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් වගේම ලෙබනනයේ ගල්අඟුරු නැති නිසා රට අඳුරට ගිහින් තියෙනවා. මේ තුලින් ඇමරිකානු සමාගමට පුලුවන්කම ලැබෙනවා ගෑස් සැපයීම පාලනය කරමින් ලංකාව අඳුරට යවනවාද නැත්ද කියන එකත් තීරණය කරන්න.

ඒ වගේම තුන්වැනි කරණය විදිහයට මම කියන්න කැමතියි මම සඳහන් කලා සදාකාලිකව දුන්නා කියලා මොකද ගිවිසුමේ වසර පහයි කියලා තිබුනාට 4/2 වගන්තියේ කියනවා මේ ටෙන්ඩරයේ කාලය එහෙමත් නැත්නම් ගෑස් සැපයීමේ කාලය වසර පහක් හෝ දැනට ක්‍රියාත්මක ටෙන්ඩරයේ සැපයුම්කරුවා ගෑස් සැපයීමට සූදානම් තත්වයකට පැමිණීම යන දෙකෙන් පරක්කු  වී සිදුවන කාලයට සිදුවන දෙයින් උදාවන කාලයට තමයි මේ ටෙන්ඩරය උඩ ගෑස් සැපයීමට බලය ලැබෙන්නේ. දැන් මේ ක්‍රියාත්මක ටෙන්ඩරයේ අපි හැමෝම දන්නවා මේ දෙකේම ක්‍රියත්මක කාලය තියන්නේ මාස 18යි මේ ටෙන්ටර් දෙකේම ගෑස් නල දෙක හැදෙන්නේ එකම කාලේ හැබැයි මේ අයට වසර පහක් මේක දෙනකොට අනිත් කෙනා ගෑස් නලය හදාගෙන නිකන් බලාගෙන ඉන්න ඕනේ. එහම කරන්න කිසිම ආයෝජකයෙක් එන්නේ නෑ. මට නිල නොවන ආරංචි අනුව දැනටමත් එම ආයෝජනයන් ප්‍රසම්පාදන කමිටුවලදි මේ සමාගමේ ගිවිසුම ඉස්සරහට යනවානම් අපි මේ ගිවිසුමෙන් අයින් වෙනවා කියලා ආයෝජකයෝ කියලා තියනවා. ඒ කියන්නේ දෙවැනි කොන්දේසියෙන් කියවෙන ටෙන්ඩරයෙන් එන සැපයුම්කරුවා කියන කෙනා කවදාවත් එන්නේ නෑ. එහෙම උනොත් සදාකල්ම ගෑස් සැපයීමේ අයිතිය ගිවිසුමේ 4/2 වගන්තියට අනුව ඇමරිකානු සමාගමටම හිමිවෙනවා.

දැන් අපිට තියන අනිත් ප්‍රශ්නය තමයි මන්නාරම් දෝණියේ අපි දැනට හඳුනාගෙන තියනවා ගෑස් තියන ප්‍රමාණය ඒක ගන අඩි ත්‍රිලියන 9ක් මහා විශාල ගෑස් ප්‍රමාණයක්. අනිත් දෝණිවල තියන ප්‍රමාණය අපි තාම ගවේශණය කරලා නෑ. හැබැයි මේක ගොඩගන්න ලංකාවේ ලොකුම ධනවතුන් එකට එකතු වෙලා ඔවුන් මුළු වත්කම් ප්‍රමාණය යෙදවුවත් මදි ඊට වඩා දැවන්ත ආයෝජනයක් මේ සඳහා ඕන වෙනවා. ඉතිං මේ මේ ගිවිසුම හරහා ඒකාධිකාරයක් ඇමරිකාණු සමාගමට හිමිවුනොත් කිසිම ආයෝජකයෙක් මේ ගෑස් නිදිය සඳහා ආයෝජනය කරන්න එන්නේ නෑ.”

Janamaga

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles