ඇෆ්ගනිස්තානයට එරෙහිව පාකිස්තානයට සටන්කාමී ජයක්

0
343

ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කර කඩුලු 05ක සටන්කාමී ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (29දා) සමත් විය. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදී ඇෆ්ගනිස්තානයෙන් හිමි වූ ලකුණු 148කට ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායම, තරගයේ 19 වැනි පන්දුවාරයේදී සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට සමත් විය.

පාකිස්තානයට තරගයේ අවසන් පන්දු 12 තුළදී ලකුණු 24ක ඉලක්කයක් ඉතිරිව තිබූ අතර, එය 19 වැනි පන්දුවාරයේදීම සම්පූර්ණ කරගැනීමට ඔවුන්ට හැකිවිය. ඒ අනුව 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ කරිම් ජනට්ට එරෙහිව හයේ පහර 04ක් (6,0,6, 0,6,6) එල්ලකරමින් අසිෆ් අලි පාකිස්තානයට ජයග්‍රහණය රැගෙන ආවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here