කොටස් වෙළද පොල භීතිකාවක් – ආයෝජකයෝ සිය කොටස් ඉවත් කරගැනීමෙන් පිරිවැටුම් පහළ යයි.

0
900

ලෝකයේ පිලිගත් මුල්‍ය විශ්ලේෂණ ආයතන විසින් කරන ලද පුරෝකතනයන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොලෙන් ආයෝජකයින් වේගයෙන් සිය ආයෝජන ඉවත් කර ගනිමින් සිටින බව තැරැව්කාර සමාගම් කියති.

මේ වන විට වේගයෙන් කොටස් වෙළඳපල දිනපතා පහල යමින් ඇති බවත් විදෙස් ආයෝජකයින් සිය කොටස් විකිණීම වේගවත් කර ඇති බවත් ඔවුන් කියති.

මේ දිනවල කොටස් වෙළඳ පලේ දෛනික පිරිවැටුම මිලියන ගනන් තෙක් පහල බැස ඇති බවද පවසන ඔවුන් මෙය ඉතා අහිතකර තත්වයක් යයිද පෙන්වා දෙයි.

මේ වසර තුල පමණක් බිලියන ගණනක විදෙස් ආයෝජන වෙළඳපලෙන් ඉවත් කර ගෙන තිබේ.

මේ අතර ඊයේ දිනයේ කොටස් වෙළඳපලේ සමස්ථ පිරිවැටුම වූයේ මිලියන 570කි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here