අනිද්දා සිට දුම්රිය මගීන්ට ලැබෙන දේ

0
325

නව්‍ය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ, අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, එළැඹෙන නොවැම්බර් මස පළමු වැනිදා සිට මෙය ක්‍රියාත්මක වන බවයි.

දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමට ‘කොවිඩ්’ මර්දන කමිටුවෙන් අද (29) අවසර ලැබුණු බවත් අනිද්දා (31) සිට දුම්රිය ප්‍රවේශපත් නිකුත් කළ හැකි බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

නොවැම්බර් මාසය සඳහා වාර ප්‍රවේශපත් 1 වැනිදා සිට නිකුත් කරන බව ද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් කීය.

ඒ අනුව ක්‍රියාත්මක වූ ගමන්වාර සංඛ්‍යාව 133ක්.

කෙසේවෙතත් එහිදී දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමිවූයේ වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here