රජයට ආයතන සීයක කෝටි 3000ක හිඟයක්

0
373

ආයතන සියයකට ආසන්න සංඛ්‍යාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි තුන් දහසකට වැඩි බදු මුදලක්  ගෙවීම පැහැර හැර ඇතැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) කමිටුව පවසයි.

මෙම මුදලින් වැඩි ප්‍රමාණයක්  රාජ්‍ය ආයතන විසින් ගෙවනු ලැබිය යුතු බදු සහ දඩ මුදල් බව එම කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම  වාර්තාවේ  සඳහන් වේ.

එසේම  කැසිනෝ ආයතන ගෙවීම පැහැර හැර ඇති  බදු මුදල් ප්‍රමාණය  රුපියල් කෝටි  267 කට වැඩි යැයිද  එම  කමිටුව සඳහන් කරයි.

මෙම හිඟ බදු මුදල් අය කර ගැනීම මන්දගාමීවීමට   අධිකරණ කටයුතු පමාවීම පමණක් නොව නිලධාරීන්ගේ  ක්‍රියාකලාපයද හේතු වන බව එම කමිටුව සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වාදී  ඇත.

මේ සම්බන්ධයෙන්  කෝපා කමිටුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්   කැඳවා ප්‍රශ්න කර ඇත. එහිදී  එම ප්‍රධානීන්  පවසා ඇත්තේ  මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති හෙයින්  ඔවුන් ඒ පිළිබඳව සුදුසු  පියවර ගනු ඇති බවයි.

මෙම බදු හා දඩ මුදල් පියවීම සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සහිත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස  කමිටුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉන් අනතුරුව   දැනුම්දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here