Saturday, September 21, 2024

තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයෝ මේ වෙනකොට පාස්පෝට් පෝලිමේ – ජේ.සී. අලවතුවල

තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයෝ මේ වෙනකොට පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“විශේෂයෙන්ම වත්මන් රජයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2019 නොවැම්බර් 23වැනිදා මේ රටේ ජනාධිපති ලෙස පත්වෙන කොට මේ රටේ ජනතාවට විශාල බලාපොරොත්තු ගණනාවක් තිබුණා. නමුත් අද මේ වෙනකොට ඒ සියලු බලාපොරොත්තු කඩවෙලා තියෙනවා යැයි පැවසීය.

අපි එක කාරණාවක් ගත්හොත් අපි දැක්කා ජනාධිපතිවරයෙන් පස්සේ අපේ රටේ තරුණයෝ උද්දාමයට පත්වෙලා බලාපොරොත්තු ගොන්නක් තියාගෙන බිත්තිවල, තාප්පවල ලස්සන පින්තූර ඇන්දා. දැන් අපි කනගාටුයි කියන්න ඒ තාප්පවල පින්තූර ඇන්ද තරුණයෝ ජනාධිපතිවරයා පත්වෙලා අවුරුදු එකහාමාරක් යනකොට මේ වෙනකොට පාස්පෝට් ගන්න පේලීමේ ඉන්නවා.

මේ තරුණයන්ගෙන් ඇහුවාම ඇයි මේ පාස්පොට් පෝලීමේ මෙච්චර දිගට, මේ පාස්පොට් එක ගන්න උනන්දුවෙලා තියෙන්නේ කියලා. ඒ තරුණයෝ මොකක්ද කියන්නේ අපේ බලාපොරොත්තු සියල්ල කඩවෙලා අපි රට අතහැරලා යන්න මේ පාස්පොට් එක ගන්න ආවා.

එදා බලාපොරොත්තු ගොන්නක් තියාගෙන චිත්‍ර ඇදපු තරුණයෝ අද රට අතහැරලා යනවා කියන්නේ. මේ කෙටි කාලයේදී මේ රජයේ ඒ තරුණයන්ගේ විතර නෙමේ මුළු රටේම ජනතාවගේ අනාගතය විනාශ කරලා අවසන්.

ඒ අනාගතය විනාශ කරපු නිසා තමයි කිසිම විශ්වාසයක් නැතුව රටේ තරුණයන් රට දාලා යන්නේ. තරුණයෝ විතරක් නෙමේ අපේ රටේ උගත් බුද්ධිමත් විශාල පිරිසක් රට දාලා යනවා. මොකද මේ රටේ අද ජීවත්වන පුළුවන් වතාවරණයක් උදාවෙලා නැහැ“ යැයි පවසා සිටියේය.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles