Sunday, September 22, 2024

ප්‍රේමය වෙනුවෙන් රජ පෙළපත අතහරින ජපානයේ මාකෝ කුමරිය

ජපානයේ මාකෝ කුමරිය මේ වසරේ අවසානය වන විට ඇගේ විශ්වවිද්‍යාල මිතුරා වන කොමුරෝ කී සමඟ විවාහ වීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.මේ කාරණයට සමීප ආරංචි මාර්ග පවසන්නේ මෙම යුවල මේ වසර අවසානයේදී ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම පියවර ගනු ලැබුවේ එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ නීති සමාගමක සේවය කිරීමේ අපේක්ෂාව කොමුරෝට දැන් ඇති බැවින් ද සඳහන්.මේ වන විට 29 හැවිරිදි වියේ පසුවන ‘මාකෝ’ කුමරිය ජපානයේ ‘අකිහිතෝ’ අධිරාජයාගේ මිනිබිරියකි.

වර්තමාන ජපානයේ රජ පවුලේ වැඩිමහල් දියණිය වන මකෝ කුමරිය විශ්වවිද්‍යාල සිසුවියක්ව සිටියදී සාමාන්‍ය තරුණයකු හා ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය වසර 8 කට පසුව මෙසේ විවාහයෙන් කෙළවර විය. මේ හේතුවෙන් ඇයගේ රාජකීය පෙලපත් නාමය ඇයට අහිමි වන අතර රාජකීය කුමරියකට විවාහයෙන් පසුව හිමිවන ධනයද ඇයට අහිමිවනු ඇත. එමෙන්ම වසර 30ක් හැදීවැඩුණු රජ මාලිගයට නැවත ඇතුළුවීමද ඇයට අකැපය. හෙට සිට ඇයද සැමියාගේ වැටුප මත ජීවිකාව ගෙනයන සාමාන්‍ය කාන්තාවක් ලෙස නව ගමනක් අරඹනු ඇත.

මාකෝ කුමරියගේ පෙම්වතා වුණු කොමුරෝ 1991 දී ද උපත ලද අතර ඔහුට ප්‍රථම වරට මාකෝ කුමරිය මුණගැසුණේ 2012 දී විදේශගත වීමට අදහස් කරන සිසුන්ගේ රැස්වීමකදී.

මෙම රාජකීය කුමරිය සමඟ ආදරයෙන් බැඳුනු පසුව පවුලේ ඥාතීන් සහ ළඟම මිතුරන් පමණක් දැනගෙන සිටි කොමුරෝගේ පවුලේ කතාව ජපන් මාධ්‍ය විසින් දැඩි ලෙස හාරා අවුස්සා බලන්න ගත් බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.

බොහෝ දෙනෙක් කොමුරෝ කුමරියව විවාහ කරගැනීමට නොසුදුසු පුද්ගලෙයකු බවට පවසා සිටියා.

කෙසේ ඔවුන් දෙදෙනා මෙම වසරේ විවාහ වූ අතර ඇයගේ විවාහයට රාජකීය පවුලෙන් ලබාදෙන සම්ප්‍රදායික ත්‍යාග මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලද හිටපු කුමරිය විසින් ප්‍රතික්ෂේප කර තිබුණු බවයි වාර්තා වන්නේ.

එයද රාජකීය සම්ප්‍රදායන් කඩ කිරිමක් ලෙස ජපන් ඉතිහාසයට එක්වූ අතර එම ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කළ පළමු රාජකීය කාන්තාව බවටද ඇය පත්වුණා.

මෙම විවාහයට විරුද්ධත්වය පා ජපානය තුළ උද්ඝෝෂණ පවා පැවැති බවද වාර්තා වෙනවා.

යුවළ පදිංචිය සඳහා එක්සත් ජනපදයට යාමට අපේක්ෂා කරන අතර එහිදී කොමුරෝ නීතිඥයෙකු ලෙස සේවය කිරීමට අපේක්ෂා කරනවා.

මෙම පියවර බ්‍රිතාන්‍ය රාජකීයයන් වන මේගන් මාක්ල් සහ හැරී කුමරු සමඟ සැසඳීමට හේතුවක් වී ඇති අතර, අලුත විවාහ වූ යුවළට “ජපානයේ හැරී සහ මේගන්” යන අන්වර්ථ නාමය ලැබී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles