Monday, September 23, 2024

අගමැතිගෙන් මහින්දානන්දට කුණු බැණුමි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට දැඩි ලෙස දොස් පවරා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මෙසේ අග්‍රාමාත්‍යවරයා විසින් දොස් පාරේ ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමු ප්‍රදේශ සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමිනි.

චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර තොගය භාර නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපති වරයාට දැනුම් දුන් බවට අලුත්ගමගේ මහතා කල ප්‍රකාශයට අග්‍රාමාත්‍යවරයා මෙසේ විරෝධය පළ කර තිබේ.

තමන් සහ චීන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී එවන් කිසිදු අදහසක් පළ කර නැති බව ද අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.

එම හමුවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු තිබුණේ චීනයෙන් ලංකාවට ලබාදීමට නියමිතව තිබුණා ණය මුදලක් සම්බන්ධයක් ඇති බවත් පොහොර පිළිබඳ කාරණය සොයා බලා නැවත සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමඟ සඳහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles