එක රටක් – එක නීතියක් කාර්ය සාධක බලකාය ඉස්ලාම් අන්තවාදීන්ට හිතවත් ආණ්ඩුවේ ප්‍රබලයෙක් ජනාධිපතිතුමාට දීපු ලණුවක් – වෛද්‍ය වසන්ත බණ්ඩාර

0
289

ජනාධිපතිතුමා විසින් “එක රටක්- එක නීතියක්” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීමට පත් කළ කාර්ය සාධක බලකාය පිළිබඳව අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත බණ්ඩාර මහතා මෙසේ අදහස් දක්වා ඇත.

” මේක ‘එක රටක්-එක නීතියක්’ සංකල්පය මේ රටේ දේශපාලන යථාර්තයක් බවට පත් කිරීම වැලැක්වීම සඳහා පමණක් නොවෙයි නැවත කිසි දිනක ඒ ගැන කථා කිරීමත් වැලැක්වීම සඳහා ඇටවූ උගුලක්. මේ ඉස්ලාම් අන්තවාදීන්ට හිතවාදී ආණ්ඩුවේ ප්‍රභලයෙකු ජනාධිපතිතුමාට දීපු ලනුවක් බව ඉතා පැහැදිළියි. අපේ අලි සබ්‍රි මහතා මේ ක්‍රියාවලිය දිහා දෙකොනෙන් සිනා සිසී බලා සිටින බවට සැකයක් නැහැ.” යයි ඔහු පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here