සජබය මහ ඇමති අපේක්ෂකයෝ නම් කරති

0
299

ඉදිරියේ දී පැවැත්වෙන පළාත් සභා මැතිවරණය සඳහා උතුරු නැගෙනහිර හැර සෙසු පළාත් සඳහා මහ ඇමැති අපේක්ෂකයන් ලෙස එම පළාත් නියෝජනය කරන සමගි ජන බලවේගයේ ජනප්‍රිය මන්ත්‍රීවරුන් නම් කිරීමට එහි මැතිවරණ මෙහෙයුම් කමිටුව තීරණය කොට තිබේ.මේ පිළිබඳ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සඳහන් කළේ එවැනි කතිකාවක් පක්ෂ අභ්‍යන්තරයේ සිදුවෙමින් පවතින බවය. ඒ අනුව බස්නාහිර පළාත් සඳහා සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා, දකුණු පළාත් සඳහා මනුෂ නානායක්කාර, සබරගමුව පළාත් සඳහා තලතා අතුකෝරාල, වයඹ පළාත් සඳහා නලින් බණ්ඩාර, මධ්‍යම පළාත් සඳහා මයන්ත දිසානායක, උතුරුමැද පළාත සඳහා හිටපු ඇමැති පී. හැරිසන් යන අය නම් කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා එහි ප්‍රධාන විධායක හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන අය නම් කිරීමට බලාපොරොත්තුවන මහ ඇමැති අපේක්ෂකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටින බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Kubiyo News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here