Tuesday, September 24, 2024

අධිවේගී මාර්ගයේත් පැන්ඩෝරා පන්නයේ හොරෙක්

හෙළිනොකළ වත්කම් පැන්ඩෝරා හා පැනමා පත්‍රිකාවල හමුවීම පිලිබදව කතාබහක් නිර්මාණය වී ඇති සමයක වත්කම් හෙළි නොකරමින් අයථා ලෙස වත්කම් රැස්කරගනිමින් සුපිරි පන්නයේ ජිවිතයක් ගතකරන අධ්‍යක්ෂවරයකු පිලිබදව මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ඒකකයෙන් වාර්තා වේ.

2014.3.16 දින දින වෙන්නප්පුව බැංකුවක විවෘත කොට ඇති ඉතිරි කිරීමේ ගිණුමකට මෙම අධ්‍යක්ෂවරයාගේ වැටුප බැර වන අතර ඔහු කිසි දිනක එම වැටුප ආපසු ගැනීමක් (Withdraw) සිදු නොකරයි. එසේ වැටුප බැංකු ගිණුමේ තිබෙන්නට ඉඩ හැරියද ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉතාම සුපිරි ජිවිතයක් ගත කරමින් සිටී දරුවන්ගේ විශ්වවිද්‍යාල වියදම් හා අධ්‍යාපන වියදම් ඇතුළු අනෙකුත් වියදම් මෙන්ම පාරිභෝජනය සදහා අවශ්‍යයෙන්ම කළ යුතු සියළු වියදම් ඔහු වැටුප අත නොතබා සිදු කරමින් සිටී. දියණියකගේ විවාහ උත්සවය සදහාවත් ඔහු මෙම ගිණුමෙන් කිසිදු මුදලක් ලබාගෙන නොමැත.දිගින් දිගටම මුදල් ලබා ආපසු ලබානොගැනීම නිසාම බැංකුව විසින් වරක් මෙම ගිණුම අක්‍රීය කිරීමද සිදු කොට ඇත.රුපියල් කෝටියකට ආසන්න මුදලක් දැනට එම ගිණුමේ ශේෂය පේනවන අතර මෙම සියළු ඔහුටම ඉතා සමීප ආරංචි මාර්ග මගින් ඔහු වෙතින්ම හෙළිකර ගැනීමට අප ගවේෂණශීලි මාධ්‍යය කණ්ඩායම සමත් විය.

මෙතරම් ජිවන වියදම ඉහල සමයක වෙනත් ආදායම් මාර්ග ද නොමැති පුද්ගලයකු සිය වැටුපට අත නොතබා ජිවත් වන්නේ කෙසේද යන්න විමසා බැලු විට අපට තහවුරු වුයේ මොහු මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාව මගින් ලබා දී ඇති අධිකාරි බලය අවභාවිතා කරමින් ආයතනයේ දේපළ හා මුදල් සොරකම් කරමින් හා අයථා ලෙස තුන්වන පාර්ශවයන්ට ගිවිසුම් ඇතිව හා නැතිව කුලියට ලබා දී මාසිකව විශාල මුදලක් උපයන බවයි.මෙම සියළු හොරකම් හා වංචාවන් ඔහුව තනිව නොව ඔහුට විශ්වාස කල්ලියක් හරහා මෙහෙයවන අතර ඔහු එම වැරදි ගණුදෙනු සදහා මුල් බැල්මට දායක නොවේ.

2016 වසරේ ලක්ෂ 22 කට පුද්ගලික ආයතනකයට කුලියට දුන් කොට්ටාව මාකුබුර අන්තර් හුවමාරුව අසල ඇති අධික වටිනාකමක් ඇති රථගාල සම්න්ධව සිදුව ඇති ගණුදෙනුව මෙම බැංකු ගිණුම හා සම්බන්ධ සිදුවීම හා සබැදි බවට සැක මතුවේ.මොහු අධ්‍යක්ෂ වූ පසු වසර 02 කට ආසන්න කාලයක් මෙම කුලී මුදල නොගෙවා එම සමාගම රථගාල භාවිතා කොට ඇත.එසේ මුදල් නොගෙවීම නිසා එම රථගාලට එම සමාගමට ඇතුල් වීමට නොහැකි වන ලෙස ඉබි යතුරු දමා ලොක් කිරීමට තාක්ෂණික නිලධාරියෙකු කටයුතු කළ විට මෙම අධ්‍යක්ෂවරයා මැදිහත්ව එම ඉබි යතුරු නැවත පුද්ගලික සමාගමට ලබා දීමට කටයුතු කොට ඇත.ඔහු එවන් මැදිහත්වීමක් නිකම්ම කළා විය නොහැක.

සීදුව හුවමාරුවේ තිබු වටිනා ගස් 10ක් සංකල්ප නම් නිලධාරියකු විසින් කපා විකුණා දැමීම පිලිබදව අප මෙන්ම වෙනත් ප්‍රධාන මාධ්‍යය පවා වාර්තා කළ ද මොහු විසින් ඔහු අරබයා කිසිදු විනය පියවරක් ගෙන නොමැත.ගස් කැපු පුද්ගලයා ප්‍රකාශ කරමින් ඉන්නේ ද අධ්‍යක්ෂ විසින් තමා නියත වශයෙන්ම ආරක්ෂා කරනු ඇති බවය.පොදු දේපළ පණත යටතේ අත් අඩංගුවට ගත යුතු වරදක් සිදු කොට එම පුදගලයා සුපුරුදු ලෙස රාජකාරි සිදු කරමින් ඉන්නේ ද මොහුගේ රැකවරණය නිසාවෙනි.

අධිවේගී මාර්ගයේ මහත් කැළබිමක් ඇති කළ මිලියන 3.8 කට ආසන්න ගණුදෙනුවක් වූ සපත්තු වංචාව විගණනය මගින් අනාවරණය වී තිබියදීත් ඔහුගෙන් මිලදී ගත බාල සපත්තු සදහා මුදල් ගෙවීමට මොහු කටයුතු කොට ඇත.එම බාල සපත්තුකරුට ලබාදුන් චෙක්පත මුදල් අංශයෙන් අත්සන් කොට ලබාගෙන ඔහු වෙත ගෙන ගොස් දී ඇත්තේද මෙම අධ්‍යක්ෂවරයා විසිනි.විගණකවරු අතටම ආල්ලාගත් තාක්ෂණික නිලධාරිනියකගේ තාර වංචාවට ඇය වැඩ තනම්ව සිටියදීත් ව්‍යාජ සාක්ෂි නිර්මානය (එම තාර නොවටිනා බව) කොට ඇයට රැකියාව ලබා දීමට මොහු කටයුතු කොට ඇත.මාර්ග සංවර්ධන අධිකාරියේම සේවකයන් රාජකාරි වෙලාව තුල යොදාගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් තාර යොදා ගනිමින් තම නිවසට යන පුද්ගලික පාරක සකස් කරමින් සිටියදී පැහැදිලි සාක්ෂි සහිතව අභ්‍යන්තර විගණන අංශ මෙම සොරකම අතටම අල්ලා ගෙන තිබිණි.ඒ මත ඇයගේ වැඩ තහනම් කොට විමර්ශනය සිදු කළ අතර විමර්ශන නිලධාරීයා ලෙස පත් කරනු ලැබුවේ කරන ලද සියළුම විමර්ශන වලින් චුදිතයන් නිදහස් කළ අපුරු විමර්ශකයෙකි.ඔහු යොදාගෙන යොදාගෙන මෙම සොරකම බොරු සාක්ෂි ගොතා යට ගැසීමට මොහු කටයුතු කරන ලද බැවින් විගණන අංශ අධෛර්යමත් වී මොහුගේ වංචාවන් හබා යාම දැන් නවතා දමා ඇත.

කෙලවරපිටිය හුවමාරුව සදහාත් පිටත වටරවුම් මාර්ගයේ කාර්යාල සදහාත් අනවශ්‍යය ලෙස අවශ්‍යය නොවන ප්‍රමාණවලින් මහජන ධනය කෝටි ගණනක් වියදම් කොට ස්ථාවර වත්කම් මිලදී ගැනීමට මොවුන් කටයුතු කොට ඇත.අනවශ්‍යය ප්‍රමාණයන් මිලදී ගැනීමේ අරමුණ අන් කිසිවක් නොව සැපයුම්කරු වෙතින් වැඩිපුර කොමිස් ලබාගැනීම වේ.මෙම ගනුදෙණුව මගින් මොවුන් විශාල ධනයක් උපයාගෙන ඇත.එසේ ලබාගත් බොහෝ වත්කම් බොහොමයක් භාවිතයට නොගෙන කෙලවරපිටියේ ගොඩගසා ඇත.ඇතැම් වත්කම් අතුරුදහන් වීම් පිළිබදව වාර්ථා වේ. මිලදී ගෙන ඇති භාණ්ඩ අතර රුපවාහිනී,ශීතකරණ වැනි විදුලි උපකරණ බොහෝ කාර්යාල උපකරණ ද දක්නට ලැබේ.

මෙවන් බොහෝ ගනුදෙනු වලදී තම සගයන්ගේ වංචාවන් සිදු කොට හසුවූ විට මොහු මැදිහත්ව එම වංචනික පුද්ගලයන් බේරා ගනි.ඒ මගින් පෙනී යන්නෙම එම වංචනික ක්‍රියා මොහු හොදින් දැනුවත්ව සිදුව ඇති බවය.මොහුගේ බැංකු ගිණුමේ ඇති අසාමන්‍ය බව ,ඔහුගේ සුපිරි ජිවන රටාව විමසා බැලුකල මොහු සත්‍යවශයෙන්ම පැන්ඩෝරා පන්නයේ හොරෙකු බව අවබෝධ වේ.

Sri Lanka News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles