Friday, September 20, 2024

“මේක කුරුසයේ තබා ඇණ ගසන හා සමාන වැඩක්” – මන්ත්‍රී උද්ධික ආණ්ඩුවට දොස් කියයි

ලෝකයම කාර්මික සහ නව තාක්ෂණයික යුගයකට ගමන් කරමින් සිටින අවධියක මෙරටද සංවර්ධනය සඳහා ගමන් කළ යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.
අතීතයේ සිටම ‍වෛද්‍ය විද්‍යාව ඉහළ තැනක් ශ්‍රී ලංකාව තුළ පැවැති බව උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා සඳහන් කළා.


මිනිසුන් යමක් තේරුම් ගැනීමට මත්තෙන් කුරුසේ තබා ඇණ ගසන බවත් පසුව එය තේරෙන අවස්ථාව වන විට පව් කමා කර ගැනීම් සඳහා උත්සාහ දරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.


වර්තමාන කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ සිද්ධිය ද මෙරට එවැනි තත්තවයකට පත්ව ඇති බවයි මන්ත්‍රීරයා අවධාරණය කරන්නේ.


එම නිසා ජනතාව රට සංවර්ධනය කිරීම සඳහා ලෙඩ රෝග වලින් තොර ව උතුම් නිරෝගි සම්පන්න ව සිටිය යුතු බවද අනාගත පරපුරට නිරෝගීමත්ව ජීවත්වීම සඳහා රටක් දායාද කිරීම වර්තමානයේ ජීවත්වන සියළු දෙනාගේම වගකීමක් බවද හෙතෙම කියා සිටියා.


කාබනික පොහොර වැඩපිළිවෙල යටතේ යම් කිසි අඩුපාඩුකම් සහ විවිධ ප්‍රශ්න ගැටලු පැවතියද ඒවා සමනය කර ගැනීම ජනතාව වශයෙන් ක්‍රියා කළ යුතු යැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.


මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ නාමල්පුර නව ග්‍රාමීය රෝහලට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles