Friday, September 20, 2024

‘එකට වැඩ කරමු… බැරි නම් වෙන්වෙමු!’ – පොහොට්ටුවෙන් විමල්ලාට පළමු උත්තරය එයි!

විමල් වීරවංශ මහතා ඇතුලු ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ 11ක් විසින් ඊයේ දිනයේ තැබූ රැස්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පළමු ප්‍රතිචාරය මේ වනවිට නිකුත්ව තිබේ.
ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකිනි.
එම සටහන මෙසේය.


“මම හිතන්නේ අපි සමහරක් ජිවත් වෙන්නෙම අතිතයේ. අතීත ශ්‍රි විභූතියේ! .
හැබැයි කථාවක් තියෙනවා හැමදාම එකම දේ කරලා වෙනස් ප්‍ර‍ථිපලයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා.
අපි හැමදාම එකම විදියට හිතලා,එකම විදිහට වැඩ කරලා,එකම දේ කරලා වෙනස් ප්‍ර‍ථිපලයක් හොයනවා.


යන්ත්‍රයට හැමදාම දර දාලා කේජු බලාපොරොත්තු වෙනවා.
අපිට රටේ ජනතාව බලය දුන්නේ මෙන්න මේ වෙනස කරන්න. ගතානුගතික බවෙන් මිදුනෙ නැත්නම් අපේ කදවුර විනාශ වෙනවා.
ආණ්ඩුවේ 150 ක් ඉන්නවා.අපි හැමෝටම මතයක්,අදහසක් තියෙනවා.
හැබැයි අපිට ඕන දේම හැමදාම වෙන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ.එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක සාධාරණත් නෑ.


ගුණ-අගුණ,හොද-නරක, මේ සියල්ල අපට දරාගන්න සිද්ද වෙනවා. ආණ්ඩුව ගන්න උදව් කළා වගේම ආණ්ඩුව ගෙනියන්න උදව් කරන්න සිද්ද වෙනවා.
ආණ්ඩුව ගන්න උදව් කරා කියලා ආණ්ඩුව වට්ටන්න වැඩ කරන්න අයිතිවාසිකමක් ලැබෙන්නෙ නෑ.


රෝපණය කළා නම් හැදෙන්න රූස්සව වැඩෙන්න උදව් කරන්න.
ඍතුවට අනුව දළු දානකොට දළු වල පාටින් කොළ ගැන හිතලා මුල කැපුවොත් ගහ මැරෙනවා.


අපි මේ ගෙවන්නෙ ඉතාම දරුණු, බිහිසුනු වගේම ව්‍යසනකාරි ඍතුවක්.
මේ අලුත් දළු ලියලන්නෙ ඒ ව්‍යසනකාරී ඍතුවට ඔරොත්තු දෙන්නමයි.
ඍතුව තේරුම් අරන් එක්ව වැඩකරමු.
එහෙම බැරිනම් වෙන්වෙමු!
මම ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles