Saturday, September 21, 2024

මං ඉල්ලා අස්වෙනවා.. ඉහළ සිට පහලටම බලපෑම් කරනවා..අලුත් කෙනාටත් වෙන්නෙ මේකමයි – වි.වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

තමන් ඉක්මනින්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත්වන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.


තමන් ධුරයෙන් ඉල්ලා අස් වන්නේ පෞද්ගලික හේතු මත බවද ඒ මහතා පැවසීය.


තමන් සභාපති ධුරයේ කටයුතු කරද්දී ඉහළ සිට පහළට තමාට දැඩි බලපෑම් එල්ල වූ බවද ද හෙතෙම සඳහන් කරයි.නමුත් තමන් ධුරයෙන් ඉවත් වන්නේ එම බලපෑම නිසා නොව පෞද්ගලික සෞඛ්‍ය හේතු නිසා බවද පැවසීය.


මෙම තනතුරට ඉදිරියේ දී පත්වන පුද්ගලයාට ද තමාට හා සමානව බලපෑම් එල්ල විය හැකි බවද ඔහු තව දුරටක් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles