Saturday, September 21, 2024

එක් රටක් එක නීතියක් ගැන නිර්දේශ කරන්න ජනාධිපති කාර්ය සාධක කමිටුවක් පත්කිරීම ප‍්‍රශ්නකාරී ඇස්බැන්දුමක් – ඕමල්පේ සෝභිත හිමි

එක් රටක් එක නීතියක් යන එක ගැන නිර්දේශ කරන්න ජනාධිපති කාර්ය සාධක කමිටුවක් පත්කිරීම ප‍්‍රශ්නකාරී ඇස්බැන්දුමක් බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝනායක, ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ (29 දා) උදෑසන මාවනැල්ලේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කළහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“රටක් කියන්නේ ශ‍්‍රී ලංකාවේ ජනරජ නීතියයි. මෙම නීතිය ක‍්‍රියා කිරීම පමණක් තමයි අවශ්‍ය වෙන්නේ. දැනට රජය ජනරජ ව්‍යවස්ථාවක් ක‍්‍රියාත්මක කරන්නේ නෑ කියන එක පිළිගන්න නිසා තමයි රජය අලූත් කමිටු හදන්නේ. අවශ්‍ය වන්නේ සර්ව සාධාරණ ලෙස සමාජයේ නීතිය ක‍්‍රියාත්මක කිරීමයි.

වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක වන්නේ එක එක ආකාරයට. රාජ්‍ය විරෝධී වැඩකරන පුද්ගලයන්ට එක නීතියක්. රටේ සාමාන්‍ය ජනතාවට තව නීතියක්. සාමාන්‍ය ජනතාවට අවුරුදු ගාණක් උසාවි යන්න වෙනවා. නමුත් දේශපාලන අධිකාරියේ අය සතියයි දෙකයි බොහෝ දෙනෙක් නිදහස්. අපේ රටේ නීතිපතිවරයා පක්ෂග‍්‍රාහීයි. වර්තමාන නීතිපතිවරයාට නීතිය හරියාකාරව ක‍්‍රියාත්මක කරන්න ආත්ම ශක්තියක්වත් නැහැ. අදාළ තොරතුරු යටතේ ඔහොම නඩු දාලා දිනක් යනකොට ඒකා අයින් කරගන්නවා. වින්දිතයන්ට සිදුවුණ අපහසුතාවට මොකක්ද වෙන්නේ. ජනාධිපතිවරයා රාජ ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කළ යුතුයි. පත්කරන කමිටුවලට පහසුකම් දෙන්නම විශාල මුදලක් යනවා. ලංකාවේ මේ කාලවකවානුව තුළ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ආර්ථිකයටද ඒක ලොකු ගැටලූකාරී තත්ත්වයක්.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles