Saturday, September 21, 2024

ළමා අපයෝජන ඉහළ යයි

දරුවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් පසුගිය සමය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව රාගම ශීක්ෂණ රෝහලේ ළමා සහ නවයොවුන් සෞඛ්‍ය පිළිබද විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කළා.

ළමා සහ යොවුන් මනස පිළිබද සායනවලට පැමිණෙන දරුවන්ගේ ප්‍රතිශතයද සියයට 20කින් පමණ ඉහළගොස් ඇති බවයි හෙතෙම කියා සිටියේ.

කොරෝනා වසංගතය හමුවේ පාසල් වසා තැබීම මෙම තත්වයට ප්‍රධාන හේතුවක් බවද විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කළා.

මේ අතර මෙරට ළමා නිවාසගතව සිටින ළමුන් සංඛ්‍යාව පහළ ගොස් ඇති බව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සුධීර නිලංග විතාන මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට ළමා නිවාසගතව ළමුන් 10900 දෙනෙකු වාසය කරන බවයි.

වසර කිහිපයකට පෙර එය 12000 ඉක්මවා තිබූ බවද ඔහු ප්‍රකාශ කළා.

සුධීර නිලංග විතාන මහතා ප්‍රකාශ කළේ, විකල්ප රැකවරණ ජාතික ප්‍රතිපත්තිය යටතේ ළමයින් පවුල්වලින් වෙන් නොකර රැකවරණය ලබාදීම තුළින් ඔවුන් ළමා නිවාසගතවීම අවම වී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles