Friday, September 20, 2024

නව කැළණි පාලම ලබන මාසයේදි ජනතා අයිතියට

මෙරට ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් යොදා ගනිමින් ඉදිකළ නව කැළණි පාලම ලබන මාසයේදී ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන නගරය සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල එකිනෙකට සම්බන්ධ වීමනිසා කොළඹ නගරයට අතුළුවන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවුණා. එවැනි අධික වාහන සංඛ්‍යාවක් සදහා වත්මන් කැළණි පාලමේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා 2014 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන අවධියේදී මෙම අධිතාක්ෂණික නව පාලම සදහා මූලික ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරුණා. මංතීරු 6කින් යුක්තවයි නවපාලම ඉදිකර ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය සදහා විශේෂ ආර්ථික ගිවිසුම් කොන්දේසි යටතේ ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනය මූල්‍ය ප්‍රතිපාදන සපයනවා. නව කැළණි පාලම ව්‍යාපෘතිය යටතේ කොබෝලීල, ඇහැල, මැයිමාර ඇතුළු ශාකවර්ග රෝපණය කිරීම නිරීක්ෂණය කිරීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එක්වුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles