Friday, September 20, 2024

ඉන්දීය සහල් නැවක් කොළඹ වරායට

වෙළඳපලේ සහල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට පිටකොටුවේ සහල් වෙළඳසැල්වල නාඩු කිලෝවක් රුපියල් 140කට,  සම්බා රුපියල් 150කට සහ කීරී සම්බා රුපියල් 220කට අලෙවි වන බවයි වාර්තා වුණේ.

මෙවන් පසුබිමක් තුළ ඊට විසඳුමක් ලෙස ඉන්දියාවට අමතරව පාකිස්ථානය මෙන්ම මියන්මාරය යන රට වලින්ද සහල් ආනයනය කරන බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා.

පසුගිය මාස වල සහල් මිල ඉහළ යාම හේතුවෙන් සහල් සඳහා පාලන මිලක් පැනවූ අතර කෙසේ වෙතත් ඉන් පසු වෙළඳපොලේ නිර්මාණය වූ සහල් හිඟය හේතුවෙන් එම පාලන මිල ඉවත් කිරීමටයි රජය කටයුතු කළේ.

පසුව මහා පරිමාණ මෝල් හිමියන් නව මිලක් ප්‍රකාශ කළා. ඒ නාඩු සහල් කිලෝව රුපියල් 115ක් සම්බා සහල් කිලෝව රුපියල් 140ක් සහ කීරී සම්බා කිලෝව රුපියල් 165ක් වශයෙන්.

කෙසේ වෙතත් එම මිලද අභිබවා මේ වන විට වෙළඳ පොලේ සහල් මිල තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.

සහල් මිල පාලනය කිරීමේ පියවරක් ලෙස රජය, ඉන්දියාවෙන් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් කොටස් වශයෙන් ආනයනය කිරීමට කටයුතු කළ අතර මේ වන විට එම සහල් සතොස හරහා කිලෝව රුපියල් 98කට අලෙවි වනවා.

කෙසේ වෙතත් එහිදී එක් පාරිභෝගිකයෙකුට වරකට ලබා දෙන්නේ සහල් කිලෝ 5ක් පමණයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ සහල් වලින් තවත් තොගයක් අද කොළඹ වරායට ලඟා වූ බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කළා. හෙට සහ අනිද්දා ද ඉන්දියානු සහල් රැගෙන තවත් නෞකා දෙකක් මෙරටට ළඟාවීමට නියමිතයි.

ඉන්දියවෙන් ආනයනය කරන නාඩු සහල් ලබන සතියේ සිට සමූපකාර මෙන්ම සුපිරි වෙළඳ සැල් හරහාද අලෙවි කිරීමටයි සැළසුම් කර ඇත්තේ. සහල් හිඟයට පිළියම් වශයෙන් තවත් රටවල් දෙකකින් ඉදිරියේදී සහල් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මියන්මාරයෙන් සහල් මෙටි්‍රක් ටොන් එක්ලක්ෂ පනස්දහසක් සහ පාකිස්ථානයෙන්  මෙටි්‍රක් ටොන් පනස්දහසක් වශයෙන්.

වෙළඳපොලේ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක සීනී කිලෝ ග්‍රෑමයක මිලද රුපියල් 210 ඉක්මවා ගෙස් තිබෙනවා.

ඒ සුදු සීනී කිලෝවක් සඳහා රුපියල් 122ක් හා දුඹුරු සීනී කිලෝවක් සඳහා රුපියල් 125ක උපරිම මිලක් පනවා ඇති තත්වයකයි.

කෙසේ වෙතත් මේ වන විටත් කොළඹ වරාය තුළ නිදහස් කර නොගත් සීනි බහාලුම් 200ක් පමණ පවතිනවා.

සීනි ආනයනකරුවන් පවසන්නේ වෙළඳපොලේ පවතින සීනි අර්බුදය නිමා කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ සඳහා මහ බැංකුවේ මැදිහත් වීම අපේක්ෂා කරන බවද ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට අවස්ථා කිහිපයකදී සඳහන් කළා.

මේ අතර දිවයිනේ බෙහෝ ප්‍රදේශ වල එළවළු මිල ගනන්ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පෑලියගොඩ මැනින් තොග වෙළදපොල් කැරට් සහ ලීක්ස් කිලෝවක මිල  අද රුපියල් 100ත් 120ත් අතර අගයක පැවති අතර බෝංචි කිලෝව රුපියල් 180ත් 200ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

එසේම වෙළඳපොලේ ලොකු ළුෑණු මිලද ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය පෙන්වා දෙන ආකාරයට පිටකොටුව තොග වෙළඳපොලේ ආනයනික ලොකු ළුෑණූ කිලෝව රුපියල් 150ත් 180ත් මිලකට පවතිනවා.

එම ආයතනයට අනුව දේශීය ලොකු ළුෑණූ කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 170ත් 190ත් අතර පරාසයකයි. සිල්ලර වෙළඳපොලේ ලොකු ළුෑණු රුපියල් 220 ඉක්මවා අලෙවි වන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles