ඉදිරියේදී උද්ධමනය වැඩිවෙයි

0
397

භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මත ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය වැඩි විය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ගතවූ මාස කිහිපය 6%-7% අතර පැවති උද්ධමනය එළඹෙන මාස කිහිපයේදී 8.5% ක් පමණ වන තෙක් ඉහළ යා හැකි යැයි අනුමාන කරන බවද ඔහු පැවසීය.

නමුත් 2022 වසරේ මුල් කාර්තුව වන විට උද්ධමන අනුපාතය 4%-6% මට්ටමට අඩු වනු ඇති බවද ඒ මහතා සදහන් කලේය.

තමන් වෙත මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ තොරතුරු වාර්තා කර ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here