Friday, September 20, 2024

තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම හෙට ඇරඹෙයි

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාව ලබාදීම හෙට ආරම්භ කෙරෙනවා.

හෙට සිට මෙරට පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම සඳහා වන සියලු කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

බූස්ටර් එන්නතක් මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරෙන අතර එහිදී සෞඛ්‍ය,ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙළ පිරිස් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම වැඩපිළිවෙෙළ ආරම්භ කිරීම සඳහා මිලියනයක එන්නත් තොගයක් ලැබී ඇති අතර සෑම සතියකම ලක්ෂ 04ක එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නා.

විවිධ ආගමික මෙන්ම සම්ප්‍රදායික මත හේතුවෙන් එන්නත්කරණයට යොමු නොවූ පිරිස් ඒ සඳහා යොමු කරවීමට එවැන්නන් සොයා ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයට යොමු කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස ආරක්ෂා නොකළහොත් යළි වසංගත තත්ත්වය ඉහළ යා හැකි බවයි.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 565 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර, සුවය ලැබූ සංඛ්‍යාව 316කි..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles