Saturday, September 21, 2024

හොඳ නරක සාපේක්‌ෂයි – මෙවර අයවැය අභියෝගාත්මකයි… අගමැති කියයි

සෑම ආණ්ඩුවක්ම ඉදිරිපත් කරන අයවැය යෝජනා පිරිසකට සුබ වන විට තවත් පිරිසකට අසුබ වන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව මෙවර ඉදිරිපත් කරන 2022 වසර සඳහා වූ අයවැය ද එසේ විය හැකි යැයි අගමැතිවරයා සඳහන් කළේය.

මෙවර ඉදිරිපත් කරන අයවැය මගින් මහජනතාවට ලැබෙන සහන කෙසේ දැයි කියා කළ විමසීමේදී අගමැතිවරයා එසේ පැවසීය.

කොවිඩි වසංගතය හමුවේ මුළු ලෝකයම බරපතළ ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මොහොතක ආණ්ඩුව 2022 වසර සඳහා ඉදිරිපත් කිරීමට යන අයවැය අභියෝගාත්මක වනු ඇතැයි පැවසූ අගමැතිවරයා හැකි උපරිම අයුරින් ජනතාවට සහන ලබා දෙමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට උත්සාහ ගන්නා බවද කීවේය.

දිවයින ඉරිදා සංග්‍රහය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles