සතොසට ඇතුළු වී කිරිපිටි සොරා ගනියි

0
338

සතොස වෙළෙඳ සල වෙත ඇතුලු වූ අයෙකු විසින් වෙළෙඳ සලේ තිබු කිරිපිටිපැකට් තොගයක් සොරකම්කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය සඳහන් කරයි.

ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පලේ ඉහල මහලයේ මෙම සතොස වෙළඳ සැල පිහිටා ඇති අතර, පෙරදින (30) රාත්‍රි 7-8ත් අතර කාලයේ  සතොස වෙළෙඳ සල් ගොඩනැගිල්ලේ  සවිකරතිබු ගිණි නිවිමේ සිලින්ඩරය උපයෝගි කරගෙන  විදුරුවක් බිඳදමා ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇතැයි ද සැකකරු වෙළෙඳ සලට ඇතුල්වි කෙටි කාලයක් ඇතුළත කිරිපිටි පැකට් කිහිපයක් සොරාගෙන පිටව ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා සි.සි.ටී.වී දර්ශන උපයෝගි කරගෙනිමින් පොලිසිය පරික්ෂණ පවත්වන බවද ගාල්ල පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here