පිළිකා රෝගීන් වෙනුවෙන් සීමා රහිතව රජයෙන් මුදල් වෙන් කෙරේ..

0
325

පිළිකා රෝගියකුට ප‍්‍රතිකාර කිරීම සඳහා රජය විසින් වෙන් කළ රුපියල් ලක්ෂ පහළොවක මුදල වෙනුවට සීමාවකින් තොරව මුදල් වෙන් කිරීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

ඒ අනුව සෞඛ්‍ය ලේකම්අනුර ජයවික‍්‍රම හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ට මෙසේ උපදෙස් ලබා දී තිබේ.

මෙතෙක් පිළිකා රෝගියකු වෙනුවෙන් වෙන් කළ රුපියල් ලක්ෂ 15ක මුදල රෝගියාට ප‍්‍රමාණවත් නොවුණහොත් එය රෝගියා මියයාමට තරම් හේතුවක් බැවින් රෝගියාගේ ජීවිත කාලය පුරාම ඔහුට අවශ්‍ය ඖෂධ ඇතුළු ප‍්‍රතිකාර සේවාවන් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ලබාදීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here