Sunday, November 17, 2024

රටට නීති හදන්න නෙවෙයි, මට උපදෙස් ගන්නයි ඥානසාර හිමියන් පත්කළේ – ජනාධිපති

තමනට උපදෙස් දීම සඳහා තමනට ඹ්නකරන කෙනෙක් පත්කර ගත හැකි බවත් එක් රටක් – එක් නීතියක් පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කරන ලද්දේ රටට නීති සැදීමට නොව තමන්ට උපදෙස් දීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පක්ෂ නායකයන් සමඟ පැවති සාකච්ඡාවක දී මෙි පිළිබඳව සඳහන් කර තිබේ.

තමන් කරන කියන සෑම දේකටම පක්ෂ නායකයන්ගෙන් උපදෙස් ගන්නට ගියහොත් තමනට මිත්‍රයන් ඇසුරු කිරීම ගැනද ඔවුන් ගෙන් අවසර ගන්නට සිදුවුණු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී කියා ඇත.

අධිකරණ අමාත්‍යධූරයට අලි සබ්රි මහතා පත් කළ අවස්ථාවේදීත් මේ ආකාරයටම විරෝධතා එල්ල වූ බවත් පවසා ඇති ජනාධිපතිවරයා නමුත් දැන් සබ්රි මහතා කාගේත් පිළිගැනීමට ලක්වන ආකාරයට සේවාවක් ඉටුකරන බවද කියා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles