අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මේ වසරේ-ජනාධිපති

0
739

දරුවන් ලොව දිනන විශිෂ්ටයින් බවට පත් කර ජාතියක් ලෙස නැගී සිටින්නට රජයක් විසින් කරන හොඳම ආයෝජනය වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

kurunagalaයේ  කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයට අද (24) එක්වෙමිණි.

යහපත් මිනිසුන් පිරි සමාජයක් ගොඩ නගන්නට ඉවසීම, අධිෂ්ඨානය, සංයමය සහ විනය ප්‍රගුණ කිරීම ක්‍රීඩාව තුළින් සිදුවන බැවින් යම් රටක් හෝ සමාජයක් දියුණු වීම සඳහා ක්‍රීඩාව නගා සිටුවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

තීරු අටකින් යුත් මීටර් 25 ක් පමණ දිග පිහිනුම් තටාකය සහ ක්‍රීඩා සංකීර්ණය ද මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් ඉදිකළ නව ගොඩනැගිල්ල ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

වකුගඩු අරමුදල සඳහා යෙදවිමට රුපියල් ලක්ෂයක පරිත්‍යාගයක් මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් විසින් ජනාධිපතිවරා වෙත පිළිගැන්වීය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි, වයඹ පළාත් මහ ඇමති ධර්මසිරි දසනායක, ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එල්.ඩබ්.සී.බී.බී. රාජගුරු, ආදිශිෂ්‍ය සංගමයේ සභාපති වයඹ පළාත් සභාවේ සභාපති ලක්ෂ්මන් වෙඩරුව, පළාත් සභා අධ්‍යාපන ඇමතිනි සංධ්‍යා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ද ආදි ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here