Friday, November 15, 2024

පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වෙයි

ඇල්ල-වැල්ලවාය මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනාගමනයට බාධා සිදුව තිබෙනවා.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට උපදෙස් දෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

ඇල්ල නගරයේ සිට කි:මී:4ක් දුරින් වන ප්‍රදේශයේ මෙම පස් කන්ද කඩා වැටීම සිදුව තිබෙනවා.

මෙි අතර බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර පැවසුවෙි බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල හන්දිය ආසන්නයෙන් විශාල ගල් පර්වත පෙරැළී එහි එක් මංතීරුවක් අවහිර වී ඇත. බල්ලකොටුව ඇල්ල මාර්ගය 23 කණුව ආසන්නයෙන් සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට දැඩි වර්ෂාවක් පවතින බැවින්, බෑවුම් සහ කඳු සහිත මාර්ග භාවිතා කිරිමේ දි ප්‍රවේශම්වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන අතර නායයාමේ අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂාකාරීවන ලෙසත් ඉල්ල සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles