මැතිවරණයක් තියන්න මේ කාලයේ ප්‍රමුඛත්වය නොදිය යුතුයි – වජිර

0
243

කෝවිඩ්-19 ව්‍යසනයට අමතරව රට තවත් ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බැවින් පළාත් සභා මැතිවරණය හෝ වෙනත් මැතිවරණයක් පැවැත්වීමට මේ මොහොතේ ප්‍රමුඛත්වය නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (31දා) පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍යවරයෙකුද වන අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ, මේ අවස්ථාවේදී ඡන්ද පොළට යාමට පෙර ඡන්දදායකයින්ට කන්න තිබිය යුතු බවයි.

“දරුවන්ට කන්න දෙන්න බැරිව අම්මා කෙනෙක් දරුවෝ එක්ක සියදිවි හානි කරගෙන කියලා මට ආරංචි වුණා. ඒ නිසා අද ජාතිය මුහුණ දෙන මේ අර්බුදය විසඳා නොගතහොත් මෙවැනි පුවත් අපට තවත් අසන්නට ලැබේවි” ඔහු පැවසීය.

එමෙන්ම දේශීය ව්‍යවසායකයන්ට ඉහළට පැමිණීමට ඉඩ සලසන අතරම, රජය විදේශ ආයෝජකයන් ගෙන්වා ගත යුතු බවද එජාප සභාපතිවරයා මෙහිදී පැවසීය.

“අපිට කීර්තිමත් දේශීය ව්‍යවසායකයින් කිහිප දෙනෙක් සිටියා, ඔහු ලංකාවේ ධනවත්ම පුද්ගලයන්. නමුත් අද එවැනි මට්ටමේ ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවට අහිමි වෙලා” ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here