Sunday, September 22, 2024

රන්ජන් වෙනුවෙන් හරීන් මන්ත්‍රී ධූරය අත්හැරීමට සූදානමි !

දැනට සිරගත වී සිටින රන්ජන් රාමනායක මහතාට තම පාර්ලිමේන්තු අසුන දීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් නම් තමන් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හැරීමට සූදානම් බවයි ඔහු කියාසිටියේ.

ජාතික මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තමා සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (01) සමගි ජන බලවේගයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ තමාගේ මන්ත්‍රී ධුරය මේ වන විට සිරගතව සිටින රංජන් රාමනායක මහතා වෙත පිරිනමන ලෙසයි.

තමන්ව ජනාධිපතිවරයාට හිසරයක්ව ඇති බවත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ගමෙන් විප්ලවය පටන් ගැනීමට සුදානම් බව ඔහු පැවසිය.

තමන්ට පාරට බැස සටන් කළ හැකි නමුත් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් බව ද හෙතෙම සඳහන් කළේය.

”මම ජීවිතේ එක දෙයක් දැක්කා. අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. මම ජෝන් අමරතුංග මහත්තයට ගොඩක් ආදරෙයි. හැබැයි එතුමා ආසනය අරන් තියෙන්නේ 1978 ඔක්තෝම්බර් 28 මගේ උපන් දිනය දවසේ. අද වත්තලට කෙනෙක් එන්නේ  අවුරුදු 42කින් පස්සේ.  මමත් එහෙම අවුරුදු 40ක් හිටියොත් මේ වත්තල ඉන්න කොල්ලෙක් කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා පරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියල මම හිතුවා. 60න් එහාට දේශපාලනය කළා කියල වෙනසක් කරන්න බැහැ. මොන බම්බුවක්වත් මට කරන්න බැහැ. මට කරන්න පුළුවන් දේ කරන අතරේදීම වත්තලින් තවත් කොල්ලෝ තුන් හතර දෙනෙක් බිහිකරන්න ඕනේ. මේ ගමේ අහිංසක අම්ම කෙනෙක්ගේ පුතෙක්ට පුළුවන් වෙන්න ඕනේ පාර්ලිමේන්තුවට යන්න. එක පැලැන්තියක් විය යුතු නැහැ. ඒ වගේම මම අද තව ප්‍රකාශයක්  කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට  ඕන නම් ඒක කරන්න පුළුවන්. ඔබතුමා කැමති නම් මට තියෙන්නේ ජාතික ලැයිස්තුවේ පුටුවක්. මම මගේ ජාතික ලයිස්තුවේ පුටුව අත්හරින්නම් රන්ජන් රමානායකට නිදහස දෙන්න කියල මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම එකපාරකුත් මගේ මන්ත්‍රී ආසනය අතහැරියා හැබැයි ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ආසනයක් අතහැරියම සජිත් ප්‍රේමදාසට හෝ මහලේකම් තුමාට පුළුවන් කැමති කෙනෙක්ට ඒ මන්ත්‍රී ධුරය දෙන්න. රන්ජන් රාමනායක ඒ මන්ත්‍රී ධූරයට සුදුසු නැහැ කියල කවුරුවත් කියන්නේ නැහැ. ඒ නිසා මම දන්නව මට පාරට බැහැල සටන් කරන්න පුළුවන්. හැබැයි රන්ජන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි කියන එක මම  මේ අවස්ථාවේදී මතක්  කරනවා.”

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ අද (01) වත්තල ආසනයේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles