Sunday, September 22, 2024

ආණ්ඩුවේ අන්තනෝමතික ගමන හැරවිය එකම බලවෙිගය සජබයයි

ආණ්ඩුව මේ යන ගමන නතර කළයුතු බවත්, එය කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතා අරගලය වෙනුවෙන් මහ පාරට බැසිය යුතු කාලය එළඹ ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ අන්තනෝමතික ගමන හැරවිය හැක්කේ ඒ ජනතා අරගලයෙන් බව ද පැවසීය.

ආණ්ඩුව ගනුලැබූ වැරදි තීන්දු තීරණ හේතුවෙන් රට පත්ව ඇති බරපතළ තත්ත්වය අතිශය ඛේදනීය බව පැවසූ විපක්ෂ නායකවරයා යම් අතපසුවීමක් හෝ වරදක් සිදු වූවා නම් අඩියක් පස්සට ගොස් එම තීන්දුව වෙනස් කොට ගමන නිවැරදි කිරීම නම්‍යශීලි නායකයෙකුගේ වගකීම බවත් අවධාරණය කළේය. 

පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලැබූ තීන්දුව හේතුකොටගෙන අද මුළු රටම බරපතළ ව්‍යසනයකට ලක්ව ඇති බව ද බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. මේ ගනු ගනුලැබූ වැරදි තීන්දුව නිවැරදි කර ගැනීම උදෙසා අඩියක් පස්සට යන ලෙස ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එලෙස අඩියක් පස්සට ගෙන නිවැරදි වීම හැර විකල්පයක් ආණ්ඩුවට නැති බවද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් අද (01) සහභාගී වෙමිනි. 

කාර්ය සාධක බලකාය පත්කිරීමේදීත් ආණ්ඩුව නොකළ යුත්තක් කළ බව පැවසූ විපක්ෂ නායකවරයා මේවායෙන් සිදුවන්නේ රටේ සංහිඳියාව නැතිවී යාම බව ද සිහිපත් කළේය.

තමන් බුද්ධි අංශ ප්‍රධානියා සමග සම්බන්ධ වෙමින් තම පක්ෂයේම මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කරන බවට ඇතැම් පාර්ශව විසින් සහමුලින්ම අසත්‍ය මඩ ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව පැවසූ විපක්ෂ නායවරයා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට ද එල්ල කළේ මෙවැනිම ප්‍රහාරයන් බවත් සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට ත්‍රස්තවාදීන්ට දෙන මට්ටමේ දඬුවම් ලබා දිය යුතු බවත්, සමගි ජන බලවේග රජයක් යටතේ ඒ කාන්තවම එය සිදුවන බවත් ඒ මහතා පැවසීය. 

වඩා වැදගත් වන්නේ වයසට වඩා හැකියාව කුසලතාවය සහ දක්ෂතාවය බව පැවසූ විපක්ෂ නායකවරයා දේශපාලනයට ද එය අදාළ බව අවධාරණය කළේය.

දේශපාලනයේ පෙරළිකාර චරිතයක් ලෙස හරින් ප්‍රනාන්දු මහතා අභියෝගාත්මක තීන්දු තීරණ ගැනීමට කිසි විටෙකත් පසුබට වී නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ ඉහළම තැන දක්වා ගමන් කිරීමේ ශක්තිය හරීන් ප්‍රනාන්දුට ඇති බවත් ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles