තලේබාන් සංවිධානයට ජාත්‍යන්තර අධාර කොල්ලකන බවට චෝදනා.

0
693

තලේබාන් සංවිධානය (TALIBAN GOVT) විසින් ඇෆ්ගනිස්තානයට ලැබෙන ඉතා සුළු ජාත්‍යන්තර මානුෂීය ආධාර ප්‍රමාණය පවා කොල්ලකන බවට චෝදනා එල්ල වී තිබේ.

මේ වන විට ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය දරැණු ලෙස කඩා වැටී ඇති අතර මෙි හේතුවෙන් එහි වැසියෝ මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිති.

කුසගින්න ,ඖෂධ හිගය බරපතල ගැටලු බවට පත්ව ඇති අතර ඒවා මගහරවා ගැනීම සදහා ජාත්‍යන්තර ආධාර යම් ප්‍රමාණයක් ලැබෙමින් තිබේ.

එහෙත් විදෙස් වාර්තා සදහන් කරන්නේ, මෙම ආධාර පවා තලේබාන් සාමාජිකයන් ,ඔවුන්ගේ පවුල්වල අය, මියගිය තලේබාන් සාමාජිකයන්ගේ පවුල්වල අය අතර බෙදී යන බවයි.

මේ හේතුවෙන් සත්‍ය ලෙසම ආහාර අවශ්‍ය අතිවිශාල ජන කොටසක් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බව අදාළ වාර්තාවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here