එක් තීරයක් එක් මාවතක් (Belt & Road) යටතේ තමන්ව සූරා කන බවට චීන සේවකයන් පිරිසකගෙන් චෝදනා.

0
657

එක් තීරයක් එක් මාවතක් යටතේ ස්ථාපිත ව්‍යාපෘති මගින් තමන්ව සූරාකන බවට චීන ජාතිකයන් පිරිසක් අනාවරණයක් සිදුකර තිබේ.

වෝල්ස්ට්‍රීට්ජර්නල් වාර්තා කරන්නේ මේ හේතුවෙන් ඇතැම් චීන ජාතික සේවකයන් විදේශ රටවල ව්‍යාපෘතිවල සේවය අතහැර දමා පළායෑමේ සිදුවීම්ද වාර්තා වන බවයි.

අඩු වැටුප් ,සහ අවම පහසුකම් යටතේ සේවය කිරීමට තමන්ට සිදුව ඇති බවත් , තමන්ව රැවටීමට ලක් කර ඇති බවත් එම ව්‍යාපෘතිවල සේවකයන් පිරිසක් අනාවරණය කර ඇත.

මෙම පීඩනය දරා ගත නොහැකි වූ චීන ජාතික සේවකයන් පිරිසක් ඉන්දුනීසියාවේ පිහිටි ව්‍යාපෘතියකින් පළාගොස් මලයාසියාවට පැමිණ ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

තවත් විශාල පිරිසක් එසේ පළායාමට සුදානමින් සිටියත් චීන බලධාරීන්ට ඇති බිය නිසා ඉන් වැළකී සිටින බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here