ආණ්ඩුවක් තුළ මතවාදී ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒ ගැන පුදුම වෙන්න එපා

0
299

ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී ප්‍රශ්න මතුවීම සාමාන්‍ය දෙයක් බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

LNG බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මතුව තිබෙන විවාදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ඒ ඊයේ (01) රැකියා දස ලක්ෂය වැඩසටහන යටතේ පොලොන්නරුව ප්‍රදේශයේ පත්වීම්ලාභීන් 96 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම සදහා අද පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

මතුව තිබෙන්නේ සංවාදයක් බවත් ඒ ගැන පුදුම විය යුතු නැති බවත් එය මෙරට පළමු වරට සිදු වූ දෙයක් නොවන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙරට සමස්ත පාර්ලිමේන්තු ඉතිහාසය තුළම මෙවැනි ප්‍රශ්න තිබුණ බවද හෙතෙම එහිදී ප්‍රකාශ කරන ලදී.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here