හානිකර පොහොර නැව කිසිදු වරායකට ඇතුළු වී නැහැ – වරාය පාලක කාර්යාලය

0
310

හානිකර බැක්ටීරියා සහිත චීන කාබනික පොහොර තොගය රැගත් නෞකාව කිසිදු වරායකට ඇතුළත් වී නොමැති බව වරාය පාලක හෙවත් හාබර් මාස්ටර් කාර්යාලය පවසනවා. අදාළ නෞකාව සම්බන්ධයෙන් මේ වන විට මතභේදයට තුඩු දී ඇත්තේ එහි අඩංගු පොහොර පිළිබදව මෙරට දී සිදු කරන ලද පරීක්ෂා කිරීම්වලින් දෙවරක් ප්‍රතික්ෂේප වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කළේ, අදාළ නෞකාව මෙරටට ඇතුළු වී ඇති බවටයි. මෙරට චීන තානාපතිවරයා පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හමු වූ  අවස්ථාවේදී අදාළ කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කරන බවයි අගමැතිවරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, නාවික ගමනාගමන වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ, අදාළ පොහොර රැගත් නෞකාව මෙරට මුහුදු තීරයට ඇතුළු වී ඇති බවටයි. නමුත් වරාය පාලක හෙවත් හාබර් මාස්ටර් කාර්යාලය සදහන් කළේ, මෙරට කිසිදු වරායකට අදාළ පොහොර රැගත් හිපෝ ස්ප්‍රීට් නැමති නෞකාව ඇතුළු වී නොමැති බවටයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here