Saturday, September 21, 2024

දැන් ඉතුරුව ඇත්තේ මෙරට ගෑස් සහ තෙල් ගොඩගැනීම පමණයි – ඇමති ගමිමන්පිල

මෙරට ගෑස් සහ තෙල් ගොඩගැනීමේ බාධාවන් රැසක් ඉවත් කර ඇති බවත් දැන් ඉතුරුව ඇත්තේ ගෑස් සහ තෙල් ගොඩනැගීම පමණක් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

ඊයේ (01) කොළඹ ජනාධිපති මාවතේ සෙලින්කෝ මන්දිරයේ පිහිටි ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ දී පැවති ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ සමාරම්භක උත්සවය  අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගොඩ ගැනීමට බාධාවක් බවට පත්වෙලා තිබුණු බාධාවන් ගණනාවක් පසුගිය වසරක් පුරා අපි ඉවත් කළා. අපි වෘත්තීය මට්ටමෙ නිලධාරීන්ව ආයතනයට හඳුන්වා දුන්නා. දෙවනුව අපි ගෑස් ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. දැවැන්ත බිම් කැබලි විස්සකට තිබුණු භූමිය අපි කුඩා බිම් කැබලි අටසිය හැත්තෑ තුනකට පරිවර්තනය කළා. ඒ වගේම අවශ්‍ය නියාමන පසුබිම කරන්න අවශ්‍ය පනත සම්මත කළා. අද දිනයේ අපි අධිකාරිය පිහිටුවලා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කළා දැන් මේ  ක්‍රියාවලිය සම්පූර්ණ වෙලා තියනවා.

දැන් තියෙන්නෙ තියෙන්නෙ ඉතිං ගෑස් සහ තෙල් ගොඩ ගැනීම පමණයි. ඒ වගකීම  මේ අධිකාරියට බාරයි. මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය වන විට දැනට ගෑස් නිධි නිශ්චිතවම හදුනාගෙන තිබෙන M2 කැබැල්ල ප්‍රසිද්ධ වෙන්දේසියක් කරලා සුදුසු ආයෝජකයෙක් ඒ සඳහා සොයා ගැනීමට. එය 2022 මාර්තු මාසය වන විට ආරම්භ කරන්න  අපි බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුකරමින් පවතිනවා. ඒ වගේම අනෙකුත් බිම් කොටස් සම්බන්ධයෙන් අපි දැනට ඒකාබද්ධ ගවේෂණයන් කරන්න අවශ්‍ය සමාගම් වලට අවශ්‍ය දත්ත සපයමින් ඒකාබද්ධ ගවේෂණයන් සිදු කිරීම ආරම්භ කරලා තියෙනවා. අපිට වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ දැනට මන්නාරම් ද්‍රෝණිය ට පමණයි. ඒකට හේතුව අපිට විදිමත් නිශ්චිත දත්ත තියෙන්නේ මන්නාරම් ද්‍රෝණිය ට පමණයි. නමුත් මෑතකදී අපි ඇමරිකාවේ Bell Geospace සමාගම සමග එකතුවෙලා ගුවනින් කාවේරි ද්‍රෝණිය දත්ත රැස් කිරීම සිදු කළා. අධ්‍යක්ෂ ජනරාල්තුමා දැනුම් දුන්නා තවත් මාසයකින් විතර පමණ අපිට ඒ සම්බන්ධ වාර්තාව ලැබේවි කියලා. එතකොට අපිට පුළුවන් වෙනවා නිශ්චිතව කාවේරි ද්‍රෝණියට උනන්දුවක් දක්වන ආයෝජකයින් සොයාගන්න.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles