Saturday, September 21, 2024

ගෑස් එක්ක වාහන අමතර කොටස් මිලත් ඉහළට

මිල ඉහළ දැමුව ද ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ගෑස් හිඟව පවතින බවට වෙළදපළ ආරංචි මාර්ග පවසනවා. ඇතැම් ප්‍රදේශවල ගෑස් සඟවා ඇති බවටයි පාරිභෝගිකයින් චෝදනා කළේ.කුරුණෑගල නගරය ඇතුළු තවත් නගර කිහිපයකම ඊයේ ගෑස් හිඟයක් පැවති බවයි පාරිභෝගික ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ අතර, වෙළෙදපළේ ඉහළ ගොස් තිබූ වාහනවල මිල ගණන් මේ වන විට යම්තාක් දුරට පහත බැස ඇති බවත්, එය ස්ථාවර මිලක පවතින බවත්, වාහන ආනයනකරුවන් පවසනවා. කෙසේ වෙතත්, පාලනය කළ නොහැකි අයුරින් වාහන අමතර කොටස් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා. ඇතැම් වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් විසින් අසාධාරණ අන්දමින් අමතර කොටස් මිල ඉහළ දමා ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා.ඩොලරයේ අගය ඉහළයාම ඇතුළු වෙළඳපල තත්වයන් මත වාහන අමතර කොටස් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවටයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ අප කළ විමසීමකදී කියා සිටියේ. කෙසේ වෙතත්, මේ වනවිට වෙළදපළෙහි වාහනවල මිල ස්ථාවර වී ඇති අතර, එය යම් සාධනීය තත්වයක් බව ද ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, භාණ්ඩ මිල ඉහළ යාම ගෝලීය වසංගත තත්ත්වයේ ප්‍රතිඵලයක් බවත්, පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කළුතරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles