කරන්නාගොඩ නිදහස් කිරීමේ රහස්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

0
507

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමට අදාළ රහස්‍ය වාර්තාව හෙට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.

ඒ  සෝභිත රාජකරුණා, ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල හමුවේ මීට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේදියි.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවේ  නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉවත් කරගෙන ඇත්තේ, අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු විසින් සකසන ලද රහස්‍ය වාර්තාවක් පදනම් කරගෙන බවටයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙරින් පුල්ලේ කරුණු දක්වමින් කියා සිටියේ.

එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන් වූ පවුල්වල ඥාතීන් සිව්දෙනෙකු විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සළකා බැලීම හෙට දක්වා කල් දැමීමට විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළා.

කෙසේ වෙතත් විරෝධතා හා ලිඛිත දේශන ලබන බදාදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසට අභියාචානාධිකරණය දෙපාර්ශවයටම නියෝග කරනු ලැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here