මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ විසි නවවන ජය වාර්තා කිරීමට එංගලන්තය ඊයේ දිනයේ දී සමත් විය.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කළේය.
එංගලන්තය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 163කි. එංගලන්තයේ පළමු කඩුලු තුන ලකුණු 35ක් තුළ දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ජෝස් බට්ලර් ශතකයක් ලබා ගනිමින් නොදැවී ලකුණු 101*(67)ක් ලබා ගත්තේය. ඔහුට අනඟි සහයල් ලබාදුන් නායක ඔයින් මෝගන් ලකුණු 40(36)ක් ලබා ගන්නා ලදී. පන්දු යැවීමේ දී වනිඳු හසරංග පන්දුවාර 4 අවසානයේ ලකුණු 21ට කඩුලු 3ක් ද, දුෂ්මන්ත එක් කඩුල්ලක් ද දවා ගන්නා ලදී.
164ක ඉලක්කයක් හබා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 137ක් පමණි. වනිඳු හසරංග ලකුණු 34(21)ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක ලකුණු 26 බැගින් රැස් කරගන්නා ලදී. මොයින් අලී පන්දුවාර 3 අවසානයේ ලකුණු 15ට කඩුලු 2ක් බිඳ හෙලන ලදී.
පන්දු යැවීමේදී අදිල් රෂීඩ්, මොයින් අලී සහ ක්‍රිස් ජෝර්ඩන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
තරඟයේ වීරයා ජෝස් බට්ලර්.
මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යාමේ බලාපොරොත්තු අහිමි වී යන ලදි.