යාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය හෙට සිට ධාවනයට

0
378

යාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය හෙට (03දා) සිට ධාවනය වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ. ප‍්‍රදීපන් මහතා පැවසීය.

ඒ අනුව ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා පළමු දුම්රිය හෙට පස්වරු 5.45 ට ධාවනය වන අතර කන්කසන්තුරයෙන්ද එක් දුම්රියක් පමණක් ධාවනය වේ.

මෙම දුම්රිය ධාවනය මුලින්ම සාමාන්‍ය දුම්රිය ධාවනයක් ලෙසින් ආරම්භ වන අතර මෙම දුම්රිය සඳහා කලින් ප‍්‍රවේශ පත‍්‍ර වෙන් කිරීමේ පහසුකම් මෙතෙක් සලසා දී නොමැති බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ. ප‍්‍රදීපන් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here